You are here
Home > FOREIGN > අපේ සමහර අය “ගෙදර දොර” ඇරියට, ඉදිරි වසරේ සංවර්ධිත ඇමරිකාව තුල සරණාගත පහසුකම් ලැබෙන පිරිස කොපමණද?

අපේ සමහර අය “ගෙදර දොර” ඇරියට, ඉදිරි වසරේ සංවර්ධිත ඇමරිකාව තුල සරණාගත පහසුකම් ලැබෙන පිරිස කොපමණද?


එළඹෙන මුදල් වර්ෂයේදී ඇමරිකාව තුළ සරණාගත තත්වය ප්‍රදානය කරන පුද්ගලයන් සංඛ්‍යාව 45,000 දක්වා අඩු කරන බව ඇමරිකාව පවසනවා.

ඒ අනුව,

අප්‍රිකානු වැසියන් – 19,000
නැගෙනහිර ආසියානු වැසියන් – 5000
යුරෝපා වැසියන් – 2000
මධ්‍යම ආසියානු වැසියන් – 2000
ලතින් ඇමරිකා සහ කැරබියන් වැසියන් – 1500
මැද පෙරදිග සහ දකුණු ආසියානු වැසියන් – 17,500 දෙනෙකුට එළඹෙන මුදල් වර්ෂය තුලදී ඇමරිකාව තුළ සරණාගත තත්වය හිමිවනු ඇති.

මීට පෙර කලාපය නොබලා වැසියන් 14,000 දෙනෙකුට සරණාගත තත්වය ප්‍රදානය කිරීමේ ‘කැටගරියක්’ තිබුණත් මෙවර එය ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

– මෙත්මලි දිසානායක

සටහන – සරණාගත ගැටලුව මේ වනවිට ලෝකයටම බරපතළ හිසරදයක් වී තිබේ. මේ පිළිබඳව ඇමරිකාව වඩාත් සංවේදී වන අතර පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයෙන් එය මනාව තහවුරු වේ.

ට්‍රම්ප් සරණාගතයින් භාර ගැනීම දැඩිව ප්‍රතික්ෂේප කරන්නේ ඉන් රටට වන සමාජ, ආර්ථික සහ දේශපාලනික හානිය ප්‍රභ්ල නිසාය.

දියුණු මෙන්ම ලොව ප්‍රභලම රාජ්‍යයද මග හරින සරණාගතයින්ට පහසුකම් සැලසීමට ණය බරෙන් මිරිකී සිටින දුප්පත් තුන්වන ලෝකයේ රටක් වන අපිට ඇති හැකියාව කුමක්ද?

මුස්ලිම් ලෝකයේ ප්‍රභල රටක් වන සෞදි අරාබියාවට මෙ රෝහින්‍යා සරණාගතයින් භාරගත නොහැකි ඇයි?


Comments

comments

Loading...

Leave a Reply

Top