You are here
Home > LATEST NEWS > සරණාගතයින්ට මෙරට රැඳී සිටීමට අවස්ථාව ලබාදී තිබෙන්නේ මහින්ද රාජපක්ෂයි – අැමති චම්පිකගෙන් හෙළිදරව්වක් !

සරණාගතයින්ට මෙරට රැඳී සිටීමට අවස්ථාව ලබාදී තිබෙන්නේ මහින්ද රාජපක්ෂයි – අැමති චම්පිකගෙන් හෙළිදරව්වක් !


 අපේ රටතුළ කිසිඳු විදේශිකයෙකුට, විදේශීය සරණාගතයෙකුට නවාතැන් පහසුකමක් මානුෂීය හේතුන් මත වෙනත් රටකට යනතෙක් ලබාදෙනවා මිස ස්ථිර පුරවැසි භාවයක් ලබාදීමට කිසිඳු තීරණයක් ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය ගෙන නොමැති බවත්, මේ දිනවල කතාබහට ලක්ව තිබෙන මියන්මාරයේ රෝහින්ග්‍යා අනාතයින්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීමට එවැනි අවසරයක් වෙනුවෙන් ලක් රජයේ හෝ කැබිනට් මණ්ඩලයේ කිසිඳු එකඟතාවයක් නොමැති බව ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. විදේශිකයෙකු හෝ විදේශ සරණාගතයෙකු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට නම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිතුමාගේ අනිවාර්ය අනුමැතිය අත්‍යාවශ්‍ය බව චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.

මියන්මාර සරණාගතයින් පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙරට රැඳී සිටින්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ ක්‍රියාදාමයකට අනුව බවත්, ඔවුන්ට එසේ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බලයක් හිමිව ඇත්තේ 2005. 12. 07 වන දින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ඇතිකර ගත් එකඟතාවයක් මත බවද ඇමති චම්පික පවසයි. එම එකඟතාවය අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන්ට විවිධ රටවලින් පැමිණෙන අනාතයින් සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරීමේ බලය පැවරී තිබෙන බවද අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා,


Comments

comments

Loading...

Leave a Reply

Top