You are here
Home > LATEST NEWS > අද සිට පොලීසියෙන් රියදුරන්ට ලක්ෂ ගණන් තෑගි.සම්පූර්ණ විස්තරය මෙන්න!

අද සිට පොලීසියෙන් රියදුරන්ට ලක්ෂ ගණන් තෑගි.සම්පූර්ණ විස්තරය මෙන්න!


කොළඹ නගරය පුරා නීති ගරුකව විනය ගරුකව රිය පදවන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට තෑගි ලබා දීමේ විශේෂිත වැඩසටහනක් අද (18) සිට සති කිහිපයක් පුරා ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන මෙම විනීත රියදුරන් තොාරාගැනීමෙන් වැඩසටහන අද (18) උදේ 8.30ට නෙලුම් පොකුණ රඟහල අසලදී ආරම්භ වේ.

කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදීම මෙය සිදුවන අතර පොලිස් නිළධාරීන් යොදවා රියදුරන් නිරීක්ෂණය කර ඉන්පසුව ස්ථාන කිහිපයකදී එම රියදුරන් ප්‍රශංසනාත්මක ස්ටිකටරයක් හා ත්‍යාග වවුචර් පත්‍රයක් බැගින් පිරිනැමීමට කටයුතු සූසදානම් කොට තිබේ.

 විනයගරුක රියදුරන් හඳුනාගැනීම සඳහා සිවිල් හා නිළ ඇඳුමින් සිටින පොලිස් නිළධාරීන් කොළඹ නගරය පුරා රඳවා ඇත.

 

 


Comments

comments

Loading...

Leave a Reply

Top