You are here
Home > LATEST NEWS > විනිසුරුවරුන් වෙනුවෙන් විද්‍යුත් දත්ත ගබඩාවක් !

විනිසුරුවරුන් වෙනුවෙන් විද්‍යුත් දත්ත ගබඩාවක් !


මෙරට විනිසුරුවරුන් වෙනුවෙන් විද්‍යුත් දත්ත ගබඩාවක් හඳුන්වා දීම ඊයේ(11) සිදුවිය. ඒ, ශ්‍රී ලංකා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයේ නිර්මාතෘ හිටපු විනිසුරු ජේ.එෆ්.ඒ. සෝසාගේ දෙවන අනුස්මරණ දේශනයට සමගාමීවය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, නීතිපති ජයන්ත ජයසූරිය සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද ඊට එක්විය. සෑම විනිසුරුවරයෙකුටම ලොව ඕනෑම ස්ථානයක සිට තම විද්‍යුත් සන්නිවේදන උපකරණ තුළින් අවශ්‍ය නීතිමය කරුණු අධ්‍යයනය කිරීමට මෙම දත්ත ගබඩාවෙන් හැකියාව ලැබෙනු ඇති බව සඳහන් වේ.


Comments

comments

Loading...

Leave a Reply

Top