You are here
Home > LATEST NEWS > නියඟයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 1,242,140 ක් දක්වා ඉහළට !

නියඟයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 1,242,140 ක් දක්වා ඉහළට !


නියඟය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 1,242,140 දක්වා ඉහළ ගොස් තිබේ.  

දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 137 කට නියඟය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ. වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයට ය. නියඟයෙන් එම දිස්ත්‍රික්කයේ පවුල් 59,632 කට අයත් පුද්ගලයින් 200,703 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 46,531 කට අයත් පුද්ගලයින් 164,463 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. නියඟය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 128,652 කි.

ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර, කිලිනොච්චි, වවුනියා, මුලතිව්, රත්නපුර, මොණරාගල, බදුල්ල, මාතලේ, මහනුවර, ගම්පහ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි ද නියඟය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටියි.

මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එස්. මියන්වල මහතා පැවසුවේ, නියඟයෙන් පීඩාවට පත්වූ ජනතාවට ලබන සතියේ සිට වියළි ආහාර සලාක මල්ල ලබා දෙන බවයි. ලේකම්වරයා පැවසුවේ, එම දිස්ත්‍රික්කවල ජනතාව සඳහා පානීය ජලය සැපයීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව ය. දිස්ත්‍රික්ක 4ක ජනතාව සඳහා පකිස්ථානයෙන් ලද සහල් බෙදාහැර ඇති බව ද මියන්වල මහතා සඳහන් කර සිටියේය.


Comments

comments

Loading...

Leave a Reply

Top