You are here
Home > LATEST NEWS > නවගමුව පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අද(12) සහ හෙට(13) !

නවගමුව පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අද(12) සහ හෙට(13) !


නවගමුව පුරාණ පත්තිනි දේවාලයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන අද(12) සහ හෙට(13) දිනයේදී පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය.  

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ හේතුවෙන් අද රාත්‍රී 8 සිට හෙට අලූයම 1 දක්වාත්, හෙට පෙරවරු 10 සිට පස්වරු 2 දක්වාත් හංවැල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති. 

හංවැල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන රනාල – සියඹලාගහ හන්දියෙන් අතුරුගිරිය දෙසට ගමන් කිරීමට හැකියාව පවතින අතර කඩුවෙල සිට හංවැල්ල දෙසට ගමන් ගන්නා වාහන කඩුවෙල – වෙලේ හන්දිය ප්‍රදේශයෙන් අතුරුගිරිය දෙසට ධාවනය කළ හැකි බව පොලීසිය පවසයි.


Comments

comments

Loading...

Leave a Reply

Top