You are here
Home > FOREIGN > කෙන්යාවේ ජනාධිපති ධුරයට නැවතත් උහුරු කෙන්යාටා තේරී පත්වෙයි !

කෙන්යාවේ ජනාධිපති ධුරයට නැවතත් උහුරු කෙන්යාටා තේරී පත්වෙයි !


පසුගිය අඟහරුවාදා(08) පැවැති කෙන්යානු ජනාධිපතිවරණයෙන් උහුරු කෙන්යාටා යළි තේරී පත්වී තිබෙනවා. 2013 වසරේ සිට කෙන්යාවේ ජනාධිපතිවරයා වූ කෙන්යාටා මෙවර ජනාධිපතිවරණයේදී 54.3% ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගෙන තිබේ.

ඔහුගේ ප්‍රතිවාදී රයිලා ඔඩින්ගාට හිමිව ඇත්තේ 44.7% ක ඡන්ද ප්‍රතිශතයකි. සිය ජයග්‍රහණයෙන් අනතුරුව ජනතාව ඇමතූ ජනාධිපති කෙන්යාටා කියා සිටියේ පක්ෂ, විපක්ෂ සියළු දෙනා රටේ පුරවැසියන් වන අතර, රට ගොඩනැගීමට ඔවුන් සැවොම එක්විය යුතු බවයි. 

විපක්ෂය ඡන්ද ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කළ ද ජාත්‍යන්තර නිරීක්ෂකයන් සඳහන් කළේ මෙවර කෙන්යානු ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ අන්දමින් පැවැති බවයි.


Comments

comments

Loading...

Leave a Reply

Top