You are here
Home > EDUCATION > උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු අදියර 03 ක් යටතේ !

උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු අදියර 03 ක් යටතේ !


මෙවර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු අදියර 3 ක් යටතේ සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එහි පළමු අදියර යටතේ සැප්තැම්බර් 7 වන දා සිට 20 වන දා දක්වා ඇගැයීම් කටයුතු සිදුවේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, දෙවන අදියර යටතේ සැප්තැම්බර් 13 වන දා සිට 26 වන දා දක්වාත්, 3 වන අදියර යටතේ සැප්තැම්බර් 18 වන දා සිට 29 වන දා දක්වාත් ඇගැයීම් කටයුතු සිදු කෙරෙන බවයි. පොදු පරීක්ෂණය සැප්තැම්බර් මස 30 වන දා සිට ඔක්තෝබර් මස පළමු වන දා දක්වා පැවැත්වෙනු ඇති.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර දිවයින පුරා පිහිටි ඇගැයීම් මධ්‍යස්ථාන 31කදී සිදු කෙරෙන අතර ඊට ඇගැයීම් මණ්ඩල 446 ක් යටතේ ගුරුවරුන් 9,245 දෙනෙකු සහභාගී වීමට නියමිත ය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගැයීම් කටයුතු මධ්‍යස්ථාන 40 කදී මේ මස 31 සිට ලබන මස 5 වන දා දක්වා පැවැත්වෙන අතර ඊට ඇගැයීම් මණ්ඩල 384 ක් යටතේ ගුරුවරුන් 6,965 දෙනෙක් සහභාගී වන බවද විභාග දෙමාර්තමේන්තුව පවසයි.


Comments

comments

Loading...

Leave a Reply

Top