You are here
Home > GOSSIP > සාරංග – පුබුදු ආදර කතාව දිග හැරෙයි..අපේ හමුවීම සිදුවෙන්නේ ස්වර්ණවාහිනියේ දී

සාරංග – පුබුදු ආදර කතාව දිග හැරෙයි..අපේ හමුවීම සිදුවෙන්නේ ස්වර්ණවාහිනියේ දී


අපේ රටේ ඉන්න ජනප්‍රිය නිවේදක යුවළක් ලෙස සාරංග පතිරණ හා පුබුදු රත්නායක හඳුන්වා දෙන්න පුළුවන්.

පසු ගිය දිනකදී මෙම දෙදෙනාම සම්මානයන්ට පවා පාත්‍ර වුණා.

මේ හැමදේ ගැනම ඔවුන් මාධ්‍යට අදහස් දක්වලා තිබුණේ මෙන් මේ විදිහට..

  • සම්මානයක සතුට වචනයට නගන්න කියලා කීවොත්?

ක්ෂේත්‍රයේ වසර 11ක ගමනකින් පස්සේ මට සම්මානයක් ලැබෙන්නේ. මම සම්මානයක බලාෙපොරොත්තුව ඇතුව ප්‍රවෘත්ති කීවේ නැහැ. නමුත් මේ ලද සම්මානය ගැන හිතේ නිහතමානී සතුටක් තියෙනවා.

  • පුංචිම කාලේ හිතුවද ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙයි කියලා?

ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමේ සිහිනයක් තිබිලා නෑ කවදාවත්. නමුත් මේ ක්ෂේත්‍රයේ නමක් තියෙන නිවේදිකාවක් ගැන හිතේ කැමැත්තක් තිබුණා. පුංචි කාෙලේ අපි කවුරුත් තරුවලට ඉතින් ආසයිනේ. මටත් තිබුණා එහෙම කැමැත්තක්‍ෙ

  • ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම පහසු රැකියාවක්ද?

ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම කියන්නේ කිසිසේත්ම පහසු රැකියාවක් නෙවෙයි. අපි කියන වචනවල සිට මුහුණේ ඉරියව්, අපි කියන වචනයක ඇති අකුරු ගැන පවා වගකීමක් තියෙනවා. එහි දී ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමක් කියන්නේ හරිම දුෂ්කර භාරදුර වගකීම් සහිත රැකියාවක්.

  • සාරංගව හමුවුණ හැටි මතක් කළොත්?

අපේ හමුවීමේ මූලාරම්භය ස්වර්ණවාහිනිය. 2006 මම ස්වර්ණවාහිනියට යනකොටත් එයා එහි නිවේදකයෙක්. එහි දී මුලින්ම යාළුවෙක් විදියට පටන්ගත් බැඳීම කාලයත් එක්ක ආදරයකට පෙරළුණා.

ඔහුත් එකම ක්නිෂේත්සා‍රයේද කැමැති වුණේ?ෙ
කොහෙත්ම අපි දෙන්නා එකම ක්ෂේත්‍රයක වීම අපේ බැඳීමට හේතුවක් වුණේ නෑ. ක්ෂේත්‍රයේ ගැළපීම හේතු වුණේ අපේ යාළුකමට විතරයි.

  • සාරංග ඔබට අභියෝගයක් නෙවෙයිද?

මට වඩා දක්ෂ, මට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න නිවේදකයෙක් ඔහු. මේ වෙනකොට එයා හිරු නාළිකාවේ ප්‍රවෘත්ති කළමනාකරුවෙක්. මේ ක්ෂේත්‍රය තුළ එයා මට වඩා ගොඩක් ප්‍රවීණයි. ඉතින් එයා මට අභියෝගයක් කියලා හිතන්නවත් අමාරුයි.

පුබුදුගෙන් අනතුරුව අදහස් විමසුවේ සාරංගගෙන්

  • හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව හැටියට බිරිඳ ඇගයුම් ලබනකොට මොකද හිතුණේ?

ඇය සම්මාන ලබයි කියලා ලොකු බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුණේ නෑ. ඒකෙන් කියන්නේ ඇගේ දක්ෂතාවක් නැහැ කියලානෙවෙයි. ඇයත් සමග මේ සම්මානයට ස්වර්ණවාහිනියේ චමිකයි රූපවාහිනියේ නිවේදිකාවකුයි නිර්දේශ වෙලා හිටියේ. එතැන දී පුබුදු නිර්දේශ වීමත් ජයග්‍රහණයක් . කෙසේ නමුත් ඇයගේ නමට සම්මානය ලැබෙනකොට මටත් ලොකු සතුටක් දැනුණා.

  • පුබුදුට රැකියාව ගැන උපදෙස් දෙන්නේ සාරංගද?

ඇය සම්පූර්ණ කාලය නිවේදනය සඳහා යොමු කරන්නේ නෑ. සාමාන්‍ය ජීවිතයේ දී අපි අපේ වෘත්තීන් ගැන කතා කරන්නේ නැති තරම්. අපි අපේ වෘත්තීයමය අඩුපාඩු ගැන කතා කරන්න යන්නෙත් නැහැ. පීඩනයකින් තොරව ඕනිම අවස්ථාවකට මුහුණ දීමේ හැකියාව ඇය සතුයි. මේ ක්ෂේත්‍රයේ  සියලු හැකියාවන් ඇයටත් තියෙනවා

  • ඇයි පුබුදුව බිරිඳ කරගත්තේ?

අපේ හමුවීම සිදුවෙන්නේ ස්වර්ණවාහිනියේ දී. එතකොට ඇයට වයස අවුරුදු 19ක් විතර ඇති. ස්වර්ණවාහිනියේ කරන ලද කැඳවීම්වලට විශාල අයැදුම්පත් ප්‍රමාණයක් ලැබුණා

අවසානයේ හතර දෙනෙක් තෝරාගන්න පුළුවන් වුණා. එයින් එක් කෙනෙක් ඇය. බිරිඳ කරගන්න හිතුණේ ඉතින් ඇය හරි පොඩි කෙනෙක් විදියට මං දැක්කේ. මුලින්ම ඇය ගැන හිතේ හැඟීමක් ඇති වුණා. වෘත්තීයමය වශයෙන් මං ඇයට වඩා ඉහළ තත්ත්වයක හිටියේ. නමුත් මට මුල ඉඳලම පුබුදු මට ලැබෙයි කියන හැඟීම තිබුණා. හරියට පෙර භවයකින් පතාගෙන ආවා වගේ ඇගේ හැදියාව, ඇගේ ගතිගුණ මේ හැමදේම එක්ක ඇය මගේ පවුලේ අයට සලකයි කියන හැඟීමත් ඇයව බිරිඳ කරගැනීමේ දී හේතු වුණා.

  • ජනප්‍රිය යුවළක් වීම නිසා නිදහස සීමා වෙලාද?

අපි ජනප්‍රියයි කියන හැඟීම අපි තුළ නම් නැහැ. සමාජයක් ජනප්‍රිය චරිත දිහා බලන්නේ පරමාදර්ශී චරිත හැටියට. එහි දී නිදහස සීමා කරගෙන පරිස්සම් වීමේ අවශ්‍යතාවයක් අපිට දැනෙනවා. ජනප්‍රිය ද නැතිද යන අදහසට වඩා වෘත්තියෙන් මිදිලා නිදහස් වීමට මං කැමැතියි. නමුත් සමාජමය බලපෑමත් එක්ක ඒ නිදහස භුක්ති විඳීමේ හිරවීමක් අපට තියෙනවා. හැමවිටම උත්සාහ ගන්නේ සරලව, ජීවිතය ගත කරන්න.

රිවිර ඇසුරින්..


Comments

comments

Loading...

Leave a Reply

Top