You are here
Home > FOREIGN > ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් – 30 ක් මරුට !

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් – 30 ක් මරුට !


ඇෆ්ගනිස්ථානයේ හෙරාට් නගරයේ මුස්ලිම් දේවස්ථානයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 64 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, සන්ධ්‍යා දේව මෙහෙය අතරතුරදී ප්‍රහාරය එල්ල වී ඇති බවයි. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සහ සන්නද්ධ තුවක්කුකරුවෙකු ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව ඇෆ්ගනිස්ථාන බලධාරීහු සඳහන් කොට තිබේ.

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට පෙර සන්නද්ධ තුවක්කුකරු දේවස්ථානය තුළ සිටි වන්දනාකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙන අතර විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, සිද්ධියෙන් පසු හෙරාට් නගරයේ ඉරාන දේශසීමාව වසා දමා ඇති බවයි.

එමෙන්ම පළාත් ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ, මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.


Comments

comments

Loading...

Leave a Reply

Top