You are here
Home > FOREIGN > ලෝකයෙන්ම පළමුවැන්නා වෙමින් මොයින් අලී තැබූ ලෝක වාර්තාව ! (VIDEO)

ලෝකයෙන්ම පළමුවැන්නා වෙමින් මොයින් අලී තැබූ ලෝක වාර්තාව ! (VIDEO)


සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා එංගලන්ත කන්ඩායම අතර පැවති තෙවන ටෙස්ට් තරඟයෙන් ලකුණු 239 ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ(31) සමත්විය.

තරඟයේ පළමුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 353 ක් රැස්කළ අතර, ඊට පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබාගත්තේ ලකුණු 175 ක් පමණි. අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 313 ක් ලබා සිටියදි සිය ඉනිම අත්හිටුවා ,දකුණු අප්‍රිකානු පිලට ලකුණු 492 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදුන්නේය. කෙසේ වෙතත් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ නැවතත් අසරණ වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 252 කට දැවී ගියේය.

සුපිරි පන්දු යැවීමක නිරත වූ එංගලන්තයේ මොයින් අලී කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූ අතර,  දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අවසන් කඩුලු 3 දවාගනිමින් ඔහු කඩුලු ත්‍රිත්වයක්ද ලබාගත්තේය. මොයින්ගේ කඩුලු ත්‍රිත්වයට හසුවූ පිතිකරුවන් තිදෙනාම වමත් පිතිකරුවන් වූ අතර, එවැනි දස්කමක් කළ ලොව පළමු වන්නා ලෙසත්, වසර 79 කට පසු කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පළමු එංගලන්ත දඟපන්දු යවන්නා ලෙසත් මොයින් අලී මෙහිදී වාර්තා පොත් අතරට එක්විය.

එම වීඩියෝව පහතින් නරඹන්න.


Comments

comments

Loading...

Leave a Reply

Top