You are here
Home > FOREIGN > පත්වීම් ලබා දී දින10 ක් ගතවීමට මත්තෙන් ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රධානියා ඉවත් කරයි !

පත්වීම් ලබා දී දින10 ක් ගතවීමට මත්තෙන් ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රධානියා ඉවත් කරයි !


ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ ඇන්තනි ස්කරාමුචි එම තනතුර පත්ව දින 10ක් ගතවෙන්නටත් මත්තෙන් ඉන් ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට ඉහතදී මුල්‍ය අනුග්‍රාහකයකු වූ ස්කරාමුචි පසුගිය සිකුරාදා අදාළ තනතුරේ වැඩ භාරගත් අතර ඔහුගේ ක්‍රියා පිළිවෙත විවේචනයට ලක්ව තිබේ. ජනාධිපති ට්‍රම්ප් ගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී රෙයින්ස් ප්‍රීබස් හා ප්‍රකාශකයා වූ ෂෝන් ස්පයිසර් සිය තනතුරුවලින් පසුගියදා ඉල්ලා අස්වුයේද ස්කරාමුචිගේ පත් කිරීම හේතුවෙනි.

ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරන අන්දමට ඔහුව එම තනතුරින් ඉවත් කිරීමේ තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් ගේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියාවන ජෝන් කෙලී ය.

ස්කරාමුචි උදම් අනා තිබුණේ තමා ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියාට නොව ඍජුව ජනාධිපතිවරයාට වාර්තා කරන බව පවසමිනි. මීට පෙර ස්වදේශ ආරක්ෂාව පිළිබඳ ලේකම්වරයා ලෙස ද ක්‍රියාකර ඇති ජෙනරාල් ජෝන් කෙලී ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සඳුදා උදෑසන දිව්රුම් දුන්නේය.

පසුගිය සිකුරාදා කාර්ය මණ්ඩල ප්‍රධානී රෙයින්ස් ප්‍රීබස් ඉල්ලා අස්වූයේ ස්කරාමුචි විසින් මුලින් පළකරනු ලැබ පසුව ඉවත්කරනු ලැබූ ට්විටර් පණිවිඩයකින් අනතුරුවය. එම පණිවිඩය ප්‍රීබස්ට එල්ල කරන ලද චෝදනාවක් මෙන්ම තර්ජනයක් ලෙසද ඇතැමුන් හඳුන්වා දී තිබිණි.


Comments

comments

Loading...

Leave a Reply

Top