You are here
Home > FOREIGN > ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 755 කට රුසියාවෙන් පිටවන ලෙස නියෝග !

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 755 කට රුසියාවෙන් පිටවන ලෙස නියෝග !


ඇමෙරිකාව විසින් රුසියාවට පණවනු ලැබූ නවතම සම්බාධකවලට විරෝධය පාමින් රුසියාවේ සිටින ඇමෙරිකානු රාජතාන්ත්‍රික නිලධාරීන් 755 කට රටින් පිටවන ලෙස රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් නියෝග කර තිබෙන බව වාර්තා වේ.

රුසියාවේ සිටින ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් ප්‍රමාණය සාපේක්ෂව අඩුකළ යුතු බව පසුගිය සිකුරාදා දිනයේදී රුසියානු ජනාධිපතිවරයා පවසා සිටියත්, ඔවුන් කොපමණ ප්‍රමාණයක් රටින් පිටත්ව යා යුතු දැයි පවසා නොතිබුණි. කෙසේ වෙතත්, මෙම නව නියෝගය අනුව එළැඹෙන සැප්තැම්බර් 01 වැනිදා වනවිට ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් 755 ක් අනිවාර්යයෙන්ම රුසියාවෙන් පිටවිය යුතු වෙයි.

මේ ආකාරයෙන් ඇමෙරිකානු නිලධාරීන් පිරිස අඩුකළ විට, ඇමෙරිකාවේ සේවයේ නියුතු රුසියානු රාජාතාන්ත්‍රිකයන් 455 ක අගය හා ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන්ගේ ගණන සමාන වන බවද සඳහන් වෙයි. මෙය මෑත ඉතිහාසය තුළ ලෝකයේ ඕනෑම රටක, රාජතාන්ත්‍රික මට්ටමින් විශාල නිලධාරීන් පිරිසකට එරෙහිව ගනු ලැබූ ඓතිහාසික නියෝගයක් ලෙස දේශපාලන විචාරකයෝ පවසති.


Comments

comments

Loading...

Leave a Reply

Top