You are here
Home > HIGHLIGHTS > මහින්ද සමඟ ඡන්දදායකයන් පෙළ ගැසී සිටියද 2020 දීත් ජනපති මෛත්‍රී බව මහින්ද කියයි !

මහින්ද සමඟ ඡන්දදායකයන් පෙළ ගැසී සිටියද 2020 දීත් ජනපති මෛත්‍රී බව මහින්ද කියයි !


පක්ෂයට නායකයන් දෙදෙනෙකු අවශ්‍ය නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ යුත්තේ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සිටිනුයේ පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ බවත් ඉදිරි ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා වන්නේත් මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඊයේ (18) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජන්දදායකයන් පිරිසක් පෙළගැසී සිටියද, මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට එය ප්‍රමාණවත් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.


Comments

comments

Loading...

Leave a Reply

Top