You are here
Home > HIGHLIGHTS > 2018 ට නියමිතව තිබූ 20/20 ලෝක කුසලානය 2020 ට !

2018 ට නියමිතව තිබූ 20/20 ලෝක කුසලානය 2020 ට !


ක්‍රිකට් පන්දුවාර 50 ලෝක කුසලානයෙන් පසුව තියෙන විශේෂම කුසලානය වෙන්නෙ පන්දුවාර 20/20 ක්‍රිකට් ලෝක කුසලානය. ගිය අවුරුද්දේ පැවැත්වුණු 20/20 ලෝක කුසලානයෙන් ජය ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම.

අවුරුදු දෙකකට සැරයක් පවත්වන 20/20 ලෝක කුසලානයේ මීළඟ තරඟාවලිය පැවැත්වීමට නියමිත වෙලා තිබුණේ ලබන අවුරුද්දේ. ඒ කියන්නෙ 2018 දි. නමුත් ICC ය මේ කුසලානය ලබන අවුරුද්දේ පවත්වන්නේ නැහැ කියල තීරණයක් අරගෙන.

ඊට හේතුව තමයි 2018 අවුරුද්දේ තරඟාවලි බොහොමයක් පැවැත්වීමට නියමිතව තිබීම. ඉතින් ICC එක කියන්නේ ලබන වසරේ දකුණු අප්‍රිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබුණු විස්සයි විස්ස ලෝක කුසලානයට ඉඩක් නැහැ කියලා.

මේ නිසා විස්සයි විස්ස ලෝක කුසලානය 2020 දි පවත්වන්න ICC එක තීරණය කර තිබෙන බවත් වාර්තා වෙනව.


Comments

comments

Loading...

Leave a Reply

Top