You are here
Home > LATEST NEWS > හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට කැඳවීම් !

හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට කැඳවීම් !


හෙට (20) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා ඇතැයි වාර්තාවේ. එම සමාගම දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයේ පැවැතීම හේතුවෙන් ඒ පිළිබඳ යම් තීරණයක් ගැනීමට සිදුවී ඇති තත්ත්වයක් තුළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කරුණු විමසීම සඳහා මෙසේ කැඳවා ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පවසයි.

මේ වන විට සමාගම සතුව ගුවන් යානා 25 ක් ඇති අතර ගුවන් නියමුවන් 360 ක්, ගුවන් සේවක සේවිකාවන් 1,200 ක් ඇතුළුව 7,200 කට ආසන්න සේවක පිරිසක් සිටියි. ලාභ  ලබන ආයතනයක්ව පැවැති ගුවන් සමාගම පසුගිය කාලයේ ගත් වැරදි තීන්දු මත කඩා වැටුණු බවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන්  යාපා අබේවර්ධන මහතා ද අද (19) පෙරවරුවේ සිය අමාත්‍යංශයේ වැඩ භාර ගන්නා අවස්ථාවේ දී සඳහන්කොට තිබේ.


Comments

comments

Loading...

Leave a Reply

Top