You are here
Home > FOREIGN > ලන්ඩනයේ මුස්ලිම් දේවස්ථානයක් අසල සිටී බැතිමතුන් වෙතට වෑන් රියක් කඩාවදී !

ලන්ඩනයේ මුස්ලිම් දේවස්ථානයක් අසල සිටී බැතිමතුන් වෙතට වෑන් රියක් කඩාවදී !


උතුරු ලන්ඩනයේ මුස්ලිම් දේවස්ථානයක් අසළදී පදිකයින් වෙතට වෑන් රියක් කඩාවැදීම හේතුවෙන් එක් අයෙකු මියගොස් තවත් අට දෙනෙකුට තුවාල සිදුව තිබෙන බව වාර්තා වේ.

ඊයේ (18) මධ්‍යම රාත්‍රිය ඉකුත්ව යද්දී, ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානය අසළ දී මේ සිද්ධිය හටගත් අතර මේ සම්බන්ධයෙන් වෑන් රියේ රියැදුරා වූ 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධියට මුහුණ පෑ බොහෝ දෙනා රාමදාන් උපවාසය නිම කිරීමෙන් අනතුරුව සැදෑ යාඥාවෙන් පසු යමින් සිටි බව පැවසේ. ත්‍රස්ත මර්දන නිලධාරීන් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ලන්ඩන් නාගරික පොලිසිය සඳහන් කරන අතර බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය කියාසිටියේ “වෑන් රිය හිතා මතාම බැතිමතුන් යටකළා” යනුවෙනි.

තවත් වෑන් රිය ප්‍රහාරයක්

තවත් වෑන් රිය ප්‍රහාරයක්


Comments

comments

Loading...

Leave a Reply

Top