You are here
Home > LATEST NEWS > ලක්ෂ 29 ක කර්තෘ භාගය නෙගෙවූ සන්නස්ගලට නඩු !

ලක්ෂ 29 ක කර්තෘ භාගය නෙගෙවූ සන්නස්ගලට නඩු !


මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් සංස්කරණය කරන ලද ඉංග්‍රීසි -සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ භාගය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්ෂ 29 ක මුදල ගෙවීම ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පැහැර ඇති හෙයින් අදාළ මුදල ඔහු ගෙන් අයකර දෙන මෙන් ඉල්ලා මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ බිරිඳ අද (19) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

උපුල් ශාන්ත සන්නස්ගල මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබුවේ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා ගේ බිරිඳ වන ශාන්තා පද්මපෙරුම මහත්මිය විසිනි.
 
එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කීරීම වෙනුවෙන් සන්නස්ගල මහතා කර්තෘ භාගය ලෙස රුපියල් ලක්ෂ 40 ක් මුදලක් ගිවිසුම් ප්‍රකාරව ගෙවීමට පොරොන්දු වී ඇති අතර රුපියල් ලක්ෂ 11 ක් ගෙවුවද ඉතිරි මුදල වන රුපියල් ලක්ෂ 29 ක මුදල 2013/10/01 දින සිට ගෙවා නැති බවද පැමිණිලිකාරිය කියා සිටී.


Comments

comments

Loading...

Leave a Reply

Top