You are here
Home > HIGHLIGHTS > යෝජිත ව්‍යවස්ථාව ගැන එජාප – ශ්‍රීලනිප සාකච්ඡාවක් අද !

යෝජිත ව්‍යවස්ථාව ගැන එජාප – ශ්‍රීලනිප සාකච්ඡාවක් අද !


යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් විය යුතු වගන්ති සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක් අද(19) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා නිදහස් පක්ෂයේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කොට තිබේ. අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, සරත් අමුණුගම සහ දුමින්ද දිසානායක මෙම කමිටුවේ සෙසු සාමාජිකයන්ය.


Comments

comments

Loading...

Leave a Reply

Top