You are here
Home > LATEST NEWS > දිස්ත්‍රික්ක 05 කට අදත් තද වැසි !

දිස්ත්‍රික්ක 05 කට අදත් තද වැසි !


බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන පස්වරු 02.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ. විශේෂයෙන් වැසි සමග තද සුළං සහ අකුණු ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 


Comments

comments

Loading...

Leave a Reply

Top