You are here
Home > LATEST NEWS > ජාතිවාදය පැතිරවීමේ සිද්ධි සම්බන්ධයෙන් 14 ක් අත්අඩංගුවට !

ජාතිවාදය පැතිරවීමේ සිද්ධි සම්බන්ධයෙන් 14 ක් අත්අඩංගුවට !


ජාතීන් හා ආගම් අතර විරසකය ඇති කරන සිද්ධීන් සම්බන්ධව මැයි මාසයේ සිට මේ දක්වා 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

භික්ෂූන් වහන්සේ නමක, පොලිස් නිලධාරියෙකු, මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු සහ ද්‍රවිඩ ජාතිකයෙකු ද ඒ අතර සිටින බවත්, මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ජාතීන් සහ ආගම් අතර විරසකය ඇතිවන ආකාරයේ ප‍්‍රකාශ නිකුත් කර ඇති දේශපාලනඥයින් කිහිපදෙනකු සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී නීතිපති උපදෙස් අනුව ඔවුන් සම්බන්ධව පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

 


Comments

comments

Loading...

Leave a Reply

Top