You are here
Home > LATEST NEWS > ගීතාගේ පෙත්සම විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් !

ගීතාගේ පෙත්සම විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් !


ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට නොහැකි බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇය ගොනු කළ පෙත්සම විභාග කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ල හමුවේ අදාල පෙත්සම විභාග කෙරෙන අතර පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා පියවර ගෙන ඇත්තේ අදාල අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් කළ ඉල්ලිමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ගීතා කුමාරසිංහ ගොනු කළ අභියාචනා පෙත්සම සැප්තැම්බර් මස 25 වැනිදා විභාගයට ගැනීමට දින නියම කර තිබේ. ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට අභියාචනාධිකරණය පසුගිය මැයි මස 03 වනදා තීන්දු කළේය. ඊට එරෙහිව ගීතා කුමාරසිංහ මැයි මස 09 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කළහ.


Comments

comments

Loading...

Leave a Reply

Top