You are here
Home > GOSSIP > ගාල්ල මුහුදේ වැන් එකක් යට වසර 6ක් කෙලසුනු තරුණිය

ගාල්ල මුහුදේ වැන් එකක් යට වසර 6ක් කෙලසුනු තරුණිය


‘‘මගේ නම පාරමී… දන්න කාලේ ඉඳලම ම​ගේ හිතේ තිබුණෙ අම්මයි, තාත්තවයි හොඳට බලාගෙන ලස්සන පුංචි ගෙයක් හද‌ාගෙන හොඳ විවාහයකුත් කරගෙන කාටවත් කරදරයක් නැතිව ජීවත්වන්න… පොඩි කාලේ ඉඳලම මුහුදට – වෙරළට මම ගොඩාක්ම ආස කළා… ආදරේ කළා.. එහෙම වෙන්න ඇත්​ෙත් අපි පිටිසර ගමක හැදුණු වැඩුණු නිසා වෙන්න ඇති…. ගමේ ඉස්කෝලෙන් අපි ට්‍රිප් එකක් ගියා කොළඹ බලන්න. ඒ යන අතරේදි තමයි මුහුද අයිනේ ටික වෙලාවකට බස් එක නතර කළේ.

එද‌ා දැකපු මුහුදට – වෙරළට හිතේ ලොකු ආදරයක්… ආසාවක් ඇතිවුණා. සුදුපාට වැල්ල… කොච්චර ලස්සනද… දෛවය කියන්නේ මගේ ලස්සන ජීවිතය විනාශ වුණේ බිලිගත්​ෙත්.. මම ආදරය කරපු වැල්ල, මම වගේ දඟකාර… හිතුවක්කාර මුහුද..’’
දිගු හුස්මක් ගෙන පිටකර දැමූ පාරමී යළි තෙරක් නොපෙනෙන සිතිජය දෙස බලමින් සමාධිගත වූවාය.

‘‘මට දැන් ජීවිතයක් නැහැ…. මට කරපු අපරාදෙට මේ වැල්ල සාක්කි…’’ පාරමී කීවේ කනස්සල්ලෙනි. ‘‘මම වගේ තව කී දෙනෙක් මෙහෙම අමාරුවෙ වැටිලා ඇත්ද… කොහොමද කටක් ඇරලා කියන්නේ… මෙහෙම දෙයක් වුණා කියලා..’’

ඇයි…. ඔයාට මොකද වුණේ… නිහඬතාවය බිඳිමින් මම පාරමිගෙන් ඇසුවෙමි.

ඒක දිග කථාවක්… ඒක කියලා ඉවර කරන්න පැය ගාණක් යාවි…. ඒත්…. මේ රෑනපඳුරු අස්සේ හැංගිලා… ගුලිවෙලා….. ඉන්න කෙල්ලොන්ට ඇහෙන්න කෑගහලා කියන්න හිතෙනවා උඹලා ඔය තුරුලු කරගෙන සිපගෙන වැළඳගෙන ඉන්න එවුන් කීදෙනෙක් ඇත්තටම හදවතින්ම උඹලාට ආදරය කරනවද කියලා…. ‘‘පාරමී කීවේ තරමක උස්හඬිනි.’’

පාරමී….. මේ ඇයගේ සැබෑ නම නොවේ.. ඒත් අපි අැයට පාරමී කියා කථාකරමු… විසිහය හැවිරිදි පාරමී දඟකාරය… හැඩකාරය.. එක්වරක් ඇය දෙස බලන ඕනෑම කෙනෙකුට දෙතුන් වරක් නොව කීපවරක් හැරී බලන්නට තරම් වශීවන රූ සපුවක් ඇයට තිබේ..
සංචාරක හෝටලයක සේවය කරන ඇය මට හමුවුණේ අකුරළ දීය.

ඇය පිළිබඳව සත්‍ය තොරතුරු කිසිවකුට හෙළි නොකරන බවට පොරොන්දුව පිට මා සමඟ කථාබහට එක් වූ පාරමී… යළිත් දැහැන්ගත වූවාය.

පාරමීත් ඇයගේ යෙහෙළිය හා මම දැන් සිටින්නේ අකුරළ – කහව අතර මුහුදු තීරයේය. ගාල්ල – කොළඹ මහාමාර්ගය හා මහා සයුර අතර ගල්වැටි හා රූස්ස රෑන පදුරු සුනාමියෙන් පසු හුදෙකලා වී වසර ගණනකි. සුනාමිය ගොඩගැලූ පසු අකුරළ – කහව මහමග දෙපස බොහෝ දෙනකු දැන් පදිංචිව සිටිනුයේ පිට ප්‍රදේශවලය.. මෙහි ඇති පාළුව මැකීමට ඉතිරිව ඇත්තේ සංචාරක හෝටල් කීපයක් පමණි.

‘‘ඒත්.. හිරිගල් වැටියක් වට වී ඇති අකුරළ මුහුදේ… සොබාවික නාන තටාකය හිස්වන්නේ කලාතුරකිනි.

පෝය දින රජයේ නිවාඩු දින මෙන්ම සෑම සති අන්තයකම අකුරළ වෙරළ පිරී යන්නේ ජනගඟකිනි. දැන් අපේ කාලයේ බොහෝ දෙනෙකු පෝය දිනවල පන්සල් යන්නේ කලාතුරකින් යැයි මට සිතේ… පෝය දිනවලට බෙන්තර සිට උණවටුන වෙරළ තීරයේ දිගටම ගොස් බලන්න.. කයිකාවල – ඉඳුරුව වෙරළ සිට අකුරළ හික්කඩුව වෙරළ උදේ සිට හවස්වනතුරු සිව්දිගින් එන විශාල පිරිසකගෙන් පිරී තිබේ. ඇතැම් අය මත්පැන් බොමින් මුහුදේ නාමින් පැය ගාණක් විනෝද වෙමින් ගතකරති. වෙරළ ආසන්නයේ ඇතැම් ගම්වල පන්සල් පාළුවට යන්නේ මුහුදේ නාන තැන්වලට සෙනඟ ඇදෙන්නේ පින්කම් පොළකට එන්නාක් මෙනි.

පාරමි සමඟ කරන කථාබහට විරාමයක් දී ඔබව වෙනත් පැත්තකට කථාව ගෙනගිය ද පාරමීගේ කථාව ආරම්භ වන්නේ ද අකුරළ මුහුදේ නාන තටාකයෙනි.

‘‘ගෙදර තිබුණ අගහිඟකම් නිසා උසස්පෙළ කරන්න යන්න හයියක් දහිරියක් මට තිබුණේ නැහැ… අම්මා – තාත්තා තවත් දුක්විඳිනවා බලන් ඉන්න බැරි නිසයි මම මේ හිතුවක්කාර තීන්දුව අරගෙන ටවුමට ආවේ..

අපේ පවුලේ අක්කයි මායි මල්ලියි නංගියි.. අක්කත් ඉස්කෝලෙ යන කාලේ කොල්ලෙක් එක්ක පැනලා ගියා ඇඹිලිපිටියේ හරි සූරියවැව පැත්​ෙත්…. අක්කා එහෙම පැනලා යන්න ඇත්​ෙත් ඇතිතරම් දුක් විඳපු නිසා වෙන්නැති… ගෙදරින් හෙව්වෙත් නැහැ. අක්ක ආවෙත් නැහැ… එයා මොනව කරනවද.. ඉන්නවාද කියලා ආරංචියක් නැහැ…

මම කථාව කෙටියෙන්ම කියන්නම්..

ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරලා හොඳ තැනකට එන්න හිතේ ලොකු ආසාවක් තිබුණට වැඩක් ​වුණේ නැහැ. අගහිඟකම් දවසින් දවස එන් එන්නම වැඩිවුණා. මම දන්න අදුනන කෙනෙකුගේ මාර්ගයෙන් ගාල්ල පැත්තේ වැඩපළක රස්සාවට ආවා… නැවතුණේ කිට්ටුව තියන බෝඩිමක…. රස්සාවට යද්දී තමයි සමීර මුණ ගැහුනේ.. දැක්ක දවසේම සිතුනා කාලයක් තිස්සේ ආශ්‍රය කරා දන්න අඳුනන කෙනෙක් වගේ හැඟීමක්… සමීර හම්බවුණ මුල් දවසේම ආත්ම ගාණක් ඉඳගෙන පතාගෙන ආපු කෙනෙක් මුණගැහුණා කියලා ලොකු හැඟීමක්.. ආකර්ෂණයක් ඇති වුණා..

දන්නෙම නැතිව දවස් දෙක තුනකින් අපි පෙම්වතුන් වුණා..

දවසක්.. එද‌ා පෝය දවසක්… වැඩපොළේ නිවාඩු… බෝඩිමේ දවස ගත කරන්නත් පාළුයි.. රෙදි ටික හෝදලා නාලා ඇඳට වෙලා ඉන්න කොට සමීර කෝල් කළා.

මමත් ඉබ්බා වතුරට දැම්මා වගේ…. මම පුංචි මල් වැටුණු ගවුමක් ඇඳගෙන පාරට ගියා… විනාඩි කිහිපයකින් සමීර ආවා. ඒ ආවේ යාළුවෙක්ගේ බයික් එකකින්. ගාල්ලේ කොටුවට හරි පාක් එකට හරි නොගියේ සමීර ගාල්ල ටවුම කිට්ටුවම නිසා… බයික් එකට නැඟලා සමීරව ඉණවටෙන් අත්දෙක ද‌ාලා බද‌ාගෙන හයියෙන් අල්ලගත්තා. අපි නැවතුණේ අකුරළ මුහුදේ නාන තැන… එයා මට කෝල් කරපු නිසා මුහුදේ නානවා කියලා ඒකට සූදානම් වෙලා ආවේ. අපි දෙන්නා මූදේ නෑවා… නවත්වලා තිබුණ වාහනේකට මුවාවෙලා බියර් ටින් එකක් බිව්වා. මම එපාම කිව්වා.. මේවා ගෑනුත් බොනවා කියලා සමීර බලකළා මම කවද‌ාවත්ම බියර් බීලා නැහැ. සමීරගේ හිත රිද්දන්න බැරිම තැන මම බීගෙන ගියා… මට හිතාගන්න බැහැ.. වමනෙට ආවා… තිත්තයි මළජරාව..
‘‘ඉතිං… ඊට පස්සේ මොකද වුණේ.’’

‘‘මම සමීරගේ ඇඟේ එල්ලිලා ගිහින් ආපහු මුහුදේ නෑවා… මගේ ඇස්දෙක ගිනිරතු ​ෙවනකම්ම නෑවා…. වතුරින් ගොඩට එනකොට මගේ ගවුම ඇඟටම ඇලිලා.. අපි වතුර විතරක් නෙවී වැලිවලිනුත් ගහගත්තා. හරියට පොඩි එවුන් දෙන්නෙක් වගේ… ඒත් මම දෙලොවක් අතර හිටියේ… අසිහියෙන් වගේ… මත්වෙලා… කැරකිල්ල වගේ. මට හිතාගන්න බැහැ. අපි දෙන්නා අත්දෙක අල්ලගෙන වැල්ල අයින දිගේ ඉස්සරහටම ගියා… සමීර මගේ දිහා බැලුවෙ මාර ආදරෙන්….

‘‘එතනින් එහාට වෙච්චි දේ මට ඔයාට කියන්න බෑ…’’ ඇය කීවේ මුහුණ දෑතින්ම වසා ගනිමිනි.

අවුරුද්දක් දෙකක් නෙමේ අවුරුදු හයක්ම අපි කසාද බැඳලා වගේ හිටියා. ඒත් දැන් ඔක්කොම ඉවරයි.. සමීර අයින් වුණේ මට ජරා විදියට අපහාස කරලා… මට පිරිමි සංහතියම එපා වුණා… මම ජීවිත කාලේම මැරෙනකම්ම තනිවම ඉන්නවා…. ඒත් ගෙදර අය මේව දන්නේ නැහැ… කසාදයක් කරගන්න කියාල මට බලකරනවා. මම බෝඩිමෙන් අයින් වුණේ සමීර උගේ යාළු කොල්ලෝ මගේ පස්සෙන් එවපු නිසා…. පස්සේ තමයි හෝටලේ රස්සාවට ආවේ…. මම වෙන මොනව කරන්නද? මම වගේ ජීවිතේ වරද්ද ගත්ත කෙල්ලෝ කොච්චර මේ රටේ ඇද්ද…. කියාගන්න බැරිව. ගොඩබිම අහසේ කළු වළාකුළු ටිකින් ටික මුදුන්වනු පෙනේ… ඒත් තව ටික වේලාවක් මා මේ මුහුදේ වෙරළේ සිටිය යුතුයි. මම පාරමීට සමුදුන්නෙමි.

කහව හංදිය පසුකොට මීටර් කීපයක් ඇතුළෙ පැත්තට ගියවිට මීටර් ගණනාවක් දුරට ඇති රෑන පඳුරු පේළියකි…. මේ බිම් තීරුවේ පාළුව මකන්නේ ගාලු පාරේ එහා මෙහා යන රථවාහන හා මුහුදේ රළ බිඳෙන හඩ පමණකි. මේ තීරුව තනිකරම පාළු පිටියක් මෙනි. උදේ සිට හවස් වනතුරු නොව ඇතැම්විට මැදියම් රැය දක්වා ත්‍රීරෝද රථවලින් මෙහි එන නන්නාඳුනන කාන්තාවන් හා පිරිමි හොර රහසේම රෑන පඳුරු අස්සට රිංගති… ඇතැම් විට යතුරුපැදිවල නග්ගාගෙන එන පාසල් වයසේ බාලවයස්කාර දරුවෝ… යුවතියන්.. සිය පෙම්වතුන් සමඟ රිසිසේ ගත කරති.

කහව රෑන පඳුරු අතරේ දිගහැරෙන ප්‍රේම ජවනිකා දකිමින් වින්දනය ලබන බැල්මට් කාරයකු ද දක්නට පුළුවන. උපක්‍රමයක් යොද‌ා මම එවන් පුද්ගලයකු සමඟ කතාවට එකඟ කරවා ගතිමි.

‘මගෙන් කාටවත් කරදරයක් නැහැ මහත්තයෝ.. දෙයියන් පල්ලා මම ඒ කපල්වලට දශමයක හිරිහැරයක් කරලා නැහැ.. අවුරුදු ගාණක්ම පුරුද්දට වගේ මෙතනට එනවා. ජෝඩුවක් රෑන පඳුර අස්සට ගියාම මම ඒ අයට නොදැනෙන්න මුවාවෙලා බලා ඉන්නවා… කියලා වැඩක් නැහැ.. මම බැල්මට්කාරයා කියල ගොඩක් අය දන්නවා ඇති.’’

ඒ අසල බස් නැවතුමක සිටි ළාබාල තරුණ ජෝඩුවක් සමඟ මම කථාබහට එක්වුණෙමි. ‘‘ක්ලාස් එනවා කියලා අම්බලන්ගොඩට ආවේ…. මම නම් අැල්පිටිය පැත්​තේ… මෙයාත් ඒ කිට්ටුවම.. අපි දෙන්නට නිදහසේ කතා කරන්න වෙන තැනක් නැහැ.. ඇත්තටම අපි දෙන්න ආදරේ කරනවා. මේ වගේ තැනකට ආපු එක වැරද්දක්ද කියලා මම දන්නේ නැහැ. ඒත් අපි දෙන්න නම් වැරදි විදියට හැසිරෙන්නේ නැහැ…’’ කියූ සිසුවා බස් නැවතුම් නතර කළ බස්රථයකට ගොඩවූයේ සිය ප්‍රේමවන්තිය ද පෙරටු කර ගනිමිනි.

සමහර දවස්වලට තැනින් තැන පුංචි බාර් ද‌ාලා.. වගේ පැය ගාණක් කාලා බීලා ඉඳපු සමහරු යන්නේ රණ්ඩුකරගෙන ගහගෙන… අවුරුදු දහසය වයසේ ඉන්න පොඩි කෙල්ලෝ ත්‍රීවිල්වල නැඟලා සල්ලි දීලා අරගෙන යනවා.. ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලො විතරක් නෙවී.. බැඳපු ගෑනු මිනිස්සු.. හොර මිනිහා එක්ක එනවා… දරුවා පංතියට හරි​ මොන්ටිසෝරි ද‌ාලා එන අම්මලා කීදෙනෙක් ඉන්නවද? හවස ගෙවල්වලට යන්නේ පත්තිනි අම්මල ගාණට…

එක දවසක් කොල්ලට හොඳටම ගහලා කොල්ල ඉදිරිපිට කෙල්ලට කරදර කරලා තියනවා.. පොලිසියට කිව්වොත් මරනවා කියලා. බයකරලා.. ගෙදර දැනගනීවි කියලා ලජ්ජාවට බයට පොලිසිවලට යන්නේ නැහැ. ඊට පස්ෙස් පොලිසි උසාවි ගානේ කථාව කියන්න ගියාම තව කීපාරක් දූෂණය වනවාද..

කලින් නම් පිටින් ආපු කුඩුකාරයෝ සෙල්ලම් දැම්මා.. කපල් බයකරලා කප්පම් ගත්තා.. චේන්…. ඔරලෝසු කැඩුව… පොකට් සුද්දකරා.. දැන්නම් අඩුයි. ප්‍රදේශවාසීන් කීපදෙනෙකු මා සමඟ එසේ කීවේ කනගාටුවෙනි. අපිට කරන්න දෙයක් නැහැ. අහක යන නයි ද‌ාගන්න අපිට බැහැ.. ඒත් අශෝභන විදිහට හැසිරෙන මත්පැන් – මත්ද්‍රව්‍ය බීලා පිස්සු නටන අය අල්ලනවා නම් ලොකු දෙයක්..
මේ පිළිබඳව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක මහින්ද විල්ලෝරා ආරච්චි මහතා කීවේ අකුරළ කහව වෙරළ තීරයේ විටින්විට පොලිස් ජංගම සංචාර යොද‌ා අශෝභන ලෙස හැසිරෙමින් සිටි තරුණ ජෝඩු පොලිසියට ගෙනැවිත් අවවාදකොට මාපියන්ට බාර දුන් බවයි.

‘‘අපිත් අපිට පුළුවන් හැමවෙලාවකම ​ෙහායා බලනවා..’’ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

අම්බලන්ගොඩ
හේමන්ත ද සිල්වා


Comments

comments

Loading...

Leave a Reply

Top