You are here
Home > LATEST NEWS > කාශ්මීරයේ සීතල යුද්ධය මැද ඉන්දියාවට පෙනි පෙනී අල්ලපු වැටේ ඉඳන් පකිස්ථානය මල්වෙඩි දමමින් ජය සැමරූ හැටි

කාශ්මීරයේ සීතල යුද්ධය මැද ඉන්දියාවට පෙනි පෙනී අල්ලපු වැටේ ඉඳන් පකිස්ථානය මල්වෙඩි දමමින් ජය සැමරූ හැටි


ඉන්දියාව හා පකිස්ථානය අතර අපි ඊයේ (18) බැලුවේ ක්‍රිකට් මැච් එකක් වුණාට ඒ රටවල් දෙකටනම් ඒක නිකන්ම නිකන් ෆයිනල් එකක් නෙවෙයි. මොකද රටවල් දෙක අතර අවුරුදු ගාණක ඉඳන් තියෙන සීතල යුද්ධය නිසා මේ තරඟය දිහා ඉන්දියාවේ වගේම පකිස්ථානේ ක්‍රීඩා ලෝලීන් බැලුවේ රටවල් දෙක අතර යුද්ධයක් විදියට.

මේ රටවල් දෙක ඔය විදියට යුද්ධෙකට ඇවිත් තියෙන්නේ ඉන්දියාවට උතුරෙන් පිහිටි කාශ්මීරය කියන ප්‍රදේශයේ බලය වෙනුවෙන්. රටවල් දෙකම මේ ප්‍රදේශය තමන්ගේ කරගන්න දැන් ගොඩකාලෙක ඉඳන් සටන් කරනවා. හැබැයි තාමත් ඒකේ ස්වාධීන අයිතියක් කාටවත් හිමිවෙලා නෑ.

ඔය වගේ උණසුම් තත්වයක් තියෙද්දි තමයි ඊයේ (18) පකිස්ථානය ඉන්දියාව පරාද කරලා මේ විදියට චැම්පියන්ස් කුසලානය අරන් ගියේ. මේ සතුට කාශ්මීරයෙත් සැමරුවා. ඒ පකිස්ථානයට අයිති භූමියේදි. ඊට එහා පැත්තෙන් තියෙන්නේ ඉන්දියාවට අයිති භූමිය. රටවල් දෙක අතර මේ වගේ උණසුම් තරඟයක් තියෙලා පැරදෙද්දි, දේශ සිමාවේ එහා පැත්තේ ඉඳන් ඉන්දියාවේ අය පකිස්ථානේ ක්‍රිකට් ලෝලීන් සතුට සමරණ හැටි බලන්න ඇති.

මේ තමයි ඒ විදියට කාශ්මීරයේ ජය සමරපු හැටි….


Comments

comments

Loading...

Leave a Reply

Top