You are here
Home > LATEST NEWS > සරත් කෝන්ගහගේට නව තනතුරු දෙකක්…

සරත් කෝන්ගහගේට නව තනතුරු දෙකක්…


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජ්‍යේෂ්ඨ නීතිඥ සරත් කෝන්ගහගේ මහතා ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුරකට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ධුරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.

ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන්ද දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන්ද කටයුතු කර ඇති කෝන්ගහගේ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි.
ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති, ලේක්හවුස් ආයතනයේ වැඩ බලන සභාපති සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ යන තනතුරුද ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධාන විධායක තනතුරු හොබවා ඇති ඒ මහතා කලක් සීනෝර් පදනමේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කළේය.


Comments

comments

Loading...

Leave a Reply

Top