You are here
Home > HELTH > ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂණ ගාස්තුව රු.250ක් පමණ දක්වා අඩු කරනවා – සෞඛ්‍ය ඇමති

ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂණ ගාස්තුව රු.250ක් පමණ දක්වා අඩු කරනවා – සෞඛ්‍ය ඇමති


ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂණයක ගාස්තුව රු.800-900ක් පමණ වන බවත්, එම ගාස්තුව රු.250ක් පමණ දක්වා අඩුකළ හැකි බවත්, ඩෙංගු රෝගය පරීක්ෂා කිරීම සඳහා සිදුකරන ඇන්ටිජෙන් පරීක්ෂණය රු.4000 ක් පමණ වන අවස්ථා වාර්තා වන බවත්, එය උපරිමය රු.1000ක් කළ හැකි බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රාජිත සේනාරත්න මහතා පවසනවා.

පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කිරීමේ පනත යටතේ පැවරී බලතල අනුව ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව අද පුද්ගලික රෝහල් බලධාරීන් සමග සාකච්ඡා කොට ලබන සඳුදා වන විට ඒ සඳහා ක්‍රියා මාර්ග ගන්නා බවත් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හදිසි තත්ත්වයක් ලෙස සලකා කසළ ඉවත්කිරීමේ කටයුතු සඳහා හමුදාවේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බවත් වැඩි දුරටත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේවන විට ඩෙංගු රෝගීන් 63,984ක් වාර්තා වී ඇති බවත්, රෝගීන් 200ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මේවන විට ඩෙංගු රෝගය ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.ඩෙංගු මදුරුවන්ගේ ඩෙංගු බැක්ටීරියාව විනාශ කිරීමට ඔස්ට්‍රෙිලියාවෙන් බැක්ටීරියාවක් සාර්ථකව අත්හදා බලා ඇති බවත්, ඉදිරියේදී එය මෙරටට ගෙන්වීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.


Comments

comments

Loading...

Leave a Reply

Top