You are here
Home > HIGHLIGHTS > නීතිඥ ලක්ෂාන් ඩයස් පැය 24 ක් ඇතුළත රටේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි..

නීතිඥ ලක්ෂාන් ඩයස් පැය 24 ක් ඇතුළත රටේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි..


ටී.වී දෙරණ නාලිකාවේ ‘අලුත් පාර්ලිමේන්තුව‘ වැඩසටහනට එක්වෙමින් ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථාන 166 හාමුදුරුවරුන් විසින් පහරදී ඇති බවට නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් ප්‍රකාශ කලේ අසත්‍ය තොරතුරු නිසා ඔහු පැය 24 ක් ඇතුළත රටේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය, අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් තමන් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් විමසා සිටි බවත්, එහිදී එවන් ප්‍රහාරයක් සිදුනොවූ බවට අගරදගුරු හිමියන් අවධාරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
කිලිනොච්චියේ මාන්කුලම් ප්‍රදේශයේ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (17) අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඒ අනුව එවන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා සමාව ගත යුතු බවත්, එම වගකීම ඉටුනොකළහොත් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ලබන සඳුදා වන විට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.


Comments

comments

Loading...

Leave a Reply

Top