You are here
Home > LATEST NEWS > ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කොල් දිවියෙන් සමුගනී..

ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කොල් දිවියෙන් සමුගනී..


ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කොල් දිවියෙන් සමුගත්තා.හිටපු ජර්මන් චාන්සලර් හෙල්මුට් කොල් අභාවප්‍රාප්ත වනවිට 87වන වියේ පසුවුණා.වසර 16ක කාලයක් ඔහු ජර්මනියේ චාන්සලර් ධුරය හොබවා තිබෙනවා.

බෙදී වෙන්වී තිබූ ජර්මනිය යළි එක්සත් කිරීමට අඩිතාලම දැමූ පුද්ගලයා මොහු ලෙසයි සැලකෙන අතර යුරෝපය තුළ තනි මුදල් ඒකකය ලෙස යුරෝ භාවිත කිරීම සදහා හෙල්මුට් කොල් විශාල කාර්යභාරයක් ඉටුකළා.
දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු බටහිර ජර්මනියේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.


Comments

comments

Loading...

Leave a Reply

Top