You are here
Home > HIGHLIGHTS > හදිසි වැටලීමෙන් සැකකරුවන් 3000 ට ආසන්න පිරිසක් අත්අඩංගුවට…

හදිසි වැටලීමෙන් සැකකරුවන් 3000 ට ආසන්න පිරිසක් අත්අඩංගුවට…


ඊයේ රාත්‍රී 11 සිට අද අලුයම 3 දක්වා පොලිස් නිලධාරීන් එකොළොස් දහස් පන්සිය පනස් අටකගේ සහභාගීත්වයෙන් සිදුකළ පොලිස් මෙහෙයුමකදී සැකකරුවන් තුන්දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සෘජු මෙහෙයවීම යටතේ දිවයිනේ පොලිස් ස්ථාන හාරසිය අසූ එකක සහභාගීත්වයෙන් මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා.මෙහිදී සාධාරණ හේතු දැන්වීමකින් තොරව රාත්‍රී කාලයේ නිදැල්ලේ හැසිරෙමින් සිටි පුද්ගලයින් 934 දෙනෙකු ,වරෙන්තු කරුවන් 595 දෙනෙකු/ විවිධ අපරාධ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යකර තිබූ පුද්ගලයින් 70/ සහ හෙරොයින් සහ ගංජා ළග තබාගෙන සිටි සැකකරුවන් / නීති විරෝධීව මත්පැන් ළග තබා ගෙන සිටි පුද්ගලයින් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කරන්නේ.
අත්අඩංගුවට පත් පුද්ගලයන් අතර අපරාධකරුවන් ලෙස හදුනාගත් හැට දෙදෙනෙකු ද විවෘත වරෙන්තු නිකුත්කර සිටි හය දෙනෙකු ද හදුනා ගැනීමට පොලිසියට හැකිවුණා. එමෙන්ම බීමත් රියදුරන් 489 දෙනෙකු ඇතුළු රථවාහන ධාවනය සම්බන්ධයෙන් වැරදි සිදුකළ පිරිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Comments

comments

Loading...

Leave a Reply

Top