You are here
Home > FEATURE > දවසට සෙල්‍ෆි තුනක් ගන්නවනම් ඔබට පිස්සු?

දවසට සෙල්‍ෆි තුනක් ගන්නවනම් ඔබට පිස්සු?


ඇමෙරිකානු මනෝ වෛද්‍ය සංගමය ඇතුළුව ලෝකයේ මනෝ වෛද්‍යවරුන් රැසක් කළ පරීක්ෂණයකින් හෙලිවී ඇත්තේ දිනකට තුන්වතාවකට වඩා සෙල්ෆි ඡායාරූප ගැනීම සිද්ධ කරමින් ඒවා පමණට වඩා අන්තර්ජාලයට මුදා හරිමින් ඔවුන් සතුටු වෙන්න උත්සාහ කරනවා නම් එය කිසියම් රෝග තත්ත්වයක් බවයි.

මෙම රෝගී තත්වය සෙල්ෆි ඇඩික්ෂන් සින්ඩේරාම් ලෙස සලකන අතර මේ වන විට සයිබර් සින්ඩේරාම් නොහොත් අන්තර්ජාලය සම්බන්ධ මානසික ගැටලුකාරී තත්ත්වය තවත් විවිධ අයුරින් තරුණ පරපුර කරා බද්ධ වී තිබෙනවා.

ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන විද්‍යා ආයතනයේ ජ්‍යෝෂ්ඨ මනෝ විද්‍යා උපදේශක මනෝ වෛද්‍ය කමල් එස්. ජයසේකර මහතා තංගල්ල කාල්ටන් නිවසේදී පැවත්වූ කාන්තාවන් හා තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මේ පිළිබඳව වැඩිදුර විස්තර පවසා තිබෙනවා.

විශේෂයෙන්ම ජංගම දුරකතන භාවිතයෙන් සෙල්ෆි ඡායාරූප ගැනීම නිසා තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අවස්ථාවන් විශාල වශයෙන් වාර්තා වුණා. අපේ රටේත් එය එන්න එන්නම වැඩිවන බවක් දකින්නට තියෙනවා. මනෝ විද්‍යාත්මක වශයෙන් මේ තත්ත්වය පිළිබඳව සලකා බලන කොට අපට පෙනෙන්නට තියෙන කාරණයක් තමයි මෙම සෙල්ෆි ඡායාරූප ගැනීම පිටුපස ක්‍රමානුකූලව මානසික ගැටලු තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව. විශේෂයෙන්ම මේ පිළිබඳව සලකා බලපු ඇමෙරිකානු මනෝ වෛද්‍ය සංගමය මේ වෙනකොට මේ පිළිබඳව යම් යම් නිර්ණායක ඉදිරිපත් කරලා තියෙනවා. අද වෙන කොට දකින්නට ලැබෙන විදියට ලොව පුරාම පුද්ගලයෝ තමන්ගේ ජීවිතයට වගේම අන් අයගේ ජීවිතවලටත් අනතුරුදායක වන මට්ටමකට මෙම සෙල්ෆි ඡායාරූප ගැනීම රෝග තත්ත්වයක් බවට පත් කරගෙන තියෙනවා. මෙහි එක් පැතිකඩක් තමයි ඇඩික්ෂන් එහෙම නැත්නම් ඇබ්බැහි වීම කියන තත්ත්වය.

පුද්ගලයන් විවිධ දේට ඇබ්බැහි වන්නා සේම තමන්ගේ ඡායාරූප ගැනීමටත් ඇබ්බැහි වෙලා තියෙනවා. මේකට තුඩුදෙන තව කාරණයක් තමයි ‘නාසිස්ටික් සිම්රෝන්’ තත්ත්වය. එහෙම නැත්නම් ආත්මරාගය. තමන්ගේම රූපෙට තමන් පමණට වඩා ආදරේ කිරීම ඇලුම් කිරීම රාගයෙන් මත්වීම නමැති තත්ත්වය තමා විසින් පමණ ඉක්මවා සෙල්ෆි ඡායාරූප ගැනීමට යොමුවෙලා තියෙනවා. මේ පිටුපස තියෙන තවත් එක් මනෝභාවයක් තමයි පෞරුෂයේ තියෙන අක්‍රමිකතා. සමහර පුද්ගලයෝ සිටිනවා තමන්ගේ පෞරුෂය බාල බව, පහත් බව ඌන පෞරුෂයකින් යුතු බව සිතා සිටිනවා. ඔවුන්ට එසේ හැඟෙනවා. එතකොට තමන්ගේ අඩු පෞරුෂය අන් අයට නොදැනෙන්නට තමා වඩාත් පෞරුෂවත් කෙනෙක් බව පෙනෙන්නට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට විශේෂයෙන්ම අවදානම් අවස්ථාවන්ට මුහුණ දෙමින් ඒ අය සෙල්ෆි ඡායාරූප ගැනීමට පෙලඹිලා තියෙනවා. මෙහි ප්‍රතිඵලය එවැනි අවදානම් අවස්ථාවලට මුහුණ දෙන්න ඔවුන්ගේ තියෙන සූදානම අඩුකම සහ නොදැනුවත් භාවය හේතුකොට ගෙන ඡායාරූප ගන්න ගිහිල්ලා ඒ අය මරණයට පත් වෙන අවස්ථා තියෙනවා.

අපට පේනවා මේ පිටුපස තියෙන මානසික ව්‍යාකූලත්වය. දැන් වහාම ඔබ මෙයින් මිදීමට මෙම තත්ත්වයට අසු නොවී සිටීමට වග බලා ගැනීම අත්‍යවශ්‍යයි. කුමක්ද කළහැකි, ඔබට දැනෙනවානම් පමණට වඩා ඔබේ පෞරුෂය කිසියම් ඌන බවක් ඔබට හිතෙනවානම් අන් අය කෙරෙහි කැපී පෙනෙන්නට ඔබ අවදානම් අවස්ථාවන්ට මුහුණ දෙමින් ඡායාරූප ගත යුතුයි කියන එක වහාම ඔබ වෛද්‍යවරයෙක්, මනෝ උපදේශකවරයෙක් මුණගැසී කතා කිරීම වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් මතක තබාගන්න පමණට වඩා ඔබව අන් අය තුළ කැපී පෙනෙන්නට ඔබ විසින් අවදානම් ගත යුතු නෑ. කළ යුත්තේ ඔබේ හැකියාවන් දක්ෂතා කුසලතා අධ්‍යාපනික හැකියාවන් වෘත්තීය මට්ටමින් ඔබ උසස් තලයකට පැමිණීමයි.

තොරතුරු – තංගල්ල – සහම්පති මානගේ

citizen


Comments

comments

Loading...

Leave a Reply

Top