You are here
Home > LATEST NEWS > ජීවි තාරකා ඉබ්බන් 2089ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට..

ජීවි තාරකා ඉබ්බන් 2089ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට..


ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබු තාරකා ඉබ්බන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්තා.
ඒ නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය ඉප්පන්තිව් සහ අරිච්චාල් අතර මුහුදු ප්‍රදේශයේ දී.ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබු ජීවි තාරකා ඉබ්බන් 2089ක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදා භාරයට ගැණුනු තාරකා ඉබ්බන්, ඩිංගි යාත්‍රා ඇතුළු ආම්පන්න සහ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා සින්නපාඩු රේගු නිලධාරී කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කලා.

Comments

comments

Loading...

Leave a Reply

Top