You are here
Home > FOREIGN > IS සංවිධානය විසින් ටෝරා – බෝරා අත්පත් කරගනී !

IS සංවිධානය විසින් ටෝරා – බෝරා අත්පත් කරගනී !


ඇෆ්ගන් සහ ඇමරිකානු හමුදා ප්‍රහාරවලින් පීඩනයට ලක්ව සිටින IS සන්නද්ධ කණ්ඩායම් ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර, ලෙන් මාර්ගවලින් සම්බන්ධ වූ ටෝරා – බෝරා ප්‍රදේශය අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙහි උමං මාර්ග අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් 2001 වසරේදී ඇෆ්ගනිස්ථානයේ සිට පාකිස්ථානය වෙත සංක්‍රමණය වීම සඳහා යොදාගත් බව ප්‍රසිද්ධය. අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් ටෝරා – බෝරා අත්පත් කරගෙන ඇත්තේ තලේබාන් සංවිධානය සමග දින කිහිපයක් තිස්සේ පැවති සටනකින් පසුව බවද වාර්තා වේ.


Comments

comments

Loading...

Leave a Reply

Top