You are here
Home > FOREIGN > රුසියානු ගුවන් ප්‍රහාරයකින් ISIS නායකයා මරුට !

රුසියානු ගුවන් ප්‍රහාරයකින් ISIS නායකයා මරුට !


රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ISIS සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩි ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මේ පිළිබඳව තොරතුරු පරීක්ෂා කරමින් සිටින බවයි. රුසියාව සිරියාවේදි එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ත්‍රස්තවාදී නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. සිරියාවේ රඛා ප්‍රදේශයට පසුගිය මැයි 28 දා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ත්‍රස්ත නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතර රුසියාවේ ස්පුට්නික් පුවත් සේවයද මේ බව තහවුරු කර තිබේ.

මැයි මාසයේදී රුසියානු ගුවන් හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ISIS ත්‍රස්තයින් 330 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඒ අතර එම සංවිධානයේ ඉහළ පෙළේ නායකයින්ද සිටින බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

ISIS සංවිධානයේ ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැති ස්ථානයක් ඉල්ලක කර ගනිමින් ප්‍රහාරය එල්ල කර තිබේ.

 


Comments

comments

Loading...

Leave a Reply

Top