You are here
Home > FOREIGN > වැඩිහිටියන්ට පමණක් සීමා වූ ‘හාමනි’ ලොව කළඹයි ! (Photos)

වැඩිහිටියන්ට පමණක් සීමා වූ ‘හාමනි’ ලොව කළඹයි ! (Photos)


ලිංගිකත්වය කියන්නේ ලෝකේ හැම ජිවියෙකුටම වගේ අදාළ කාරණයක්. ඒ අවශ්‍යතා සපුරාගන්න මිනිස්සු අනුගමනය කරන විදිහත් විවිධයි.

ලිංගිකත්වය ගැන විවෘතව කතා නොකරන අපේ රටේ කොහොම වෙතත්, වෙනත් බොහෝ රටවල්, විවිධ පුද්ගලයන්ගේ රුචි අරුචිකම් ඔස්සේ වෙළඳපොළක් හදාගෙන ඉන්නවා. ඇමරිකාවේ Real Doll සමාගම කියන්නේ වැඩිහිටියන්ට සීමා වූ බෝනික්කන් හදන තැනක්. ඇත්ත වගේම බෝනික්කෝ හදන මේ සමාගමේ අයගේ අලුත්ම නිෂ්පාදනය තමයි හාමනි.

හාමනි රෝබෝවරියක්. මෙච්චරකල් නිකන් ම සිලිකන් බෝනික්කියෝ හදපු සමාගම මේ නිෂ්පාදනයත් එක්ක රොබෝ නිෂ්පාදන හදන සමාගමක් බවටත් පත්වෙනවා. අහන දේට හිතල බලල උත්තර දෙන්න පුළුවන්, සියයට සියයක් ම මිනිස් සිරුරක් වගේ අතට දැනෙන, උෂ්ණත්ව සංවේදී සමක් ඇති, ඒ වගේම මුහුණේ හැඟීම් ප්‍රකාශ කරවන මේ බෝනික්කිය 2017 අන්තිමට වෙළඳපොළට එ්මට නියමිතයි.

මනුස්සයෙක්ට දැනෙන හැඟීම් තේරුම්ගෙන ප්‍රතිචාර දක්වන්නත් හාමනි දක්ෂයි. ඇයට කේන්තියෙන් කතා කළොත් දුක හිතෙන මුහුණක් පෙනවන්නත්, “මගේ හිත රිදුණා..” වැනි ප්‍රතිචාර දක්වන්නත් ඇය දන්නවා. වඩාත්ම වැදගත් දේ මිනිස්සුන් වගේ තමන්ගේ හැඟීම් හංගන්නේ නැතිව ඒ හැමදේම එළිපිට කියන්න හාමනිට පුලුවන්. හාමනි කියන්නේ ඇත්ත විතරමයි කියල මේ නිෂ්පාදකයෝ කියනවා.

ඒ වගේම තමන්ගේ හිමිකරු වෙන කෙනෙක් එක්ක ආදරෙන් බැඳුනොත් ඉරිසියාව දැනෙන බව පෙන්වන්නත් හාමනිට පුළුවන්. ඒ ඇමරිකානු ඩොලර් 20,000 ඉක්මවූ මුදලකට කියලයි මේ වෙද්දී වාර්තා වෙන්නේ. හාමනි, ලොව මෙතෙක් නිර්මාණය කළ දියුණුම රෝබෝවරියන්ගෙන් කෙනෙක් බව නොකියම බැහැ. RealDoll සමාගමේ පළමු කතා කරන රෝබෝවරිය හාමනි බවද වාර්තා වෙයි.

සමාගමේ වෙනත් නිෂ්පාදන

සමාගම විසින් නිර්මාණය කළ බෝනික්කියන්

සමාගම විසින් නිර්මාණය කළ බෝනික්කියන්

         


Comments

comments

Loading...

Leave a Reply

Top