136
You are here
Home > LATEST NEWS > දුරුතු පොහෝ දින ආගමික වැඩසටහන් වලට ජනපති එක්වෙයි….

දුරුතු පොහෝ දින ආගමික වැඩසටහන් වලට ජනපති එක්වෙයි….


සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ දුරුතු පුර පසලොස්වක පොහෝ දින වැඩසටහන අද (12) පෙරවරුවේ පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක පුරාණ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාම ශ්‍රි මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ බැහැදැක, උන්වහන්සේට පිරිකර පූජාකොට ආශිර්වාද ලබා ගත්තේය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාම ශ්‍රි මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, පාලි හා බෞද්ධ අධ්‍යයයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ මෙවර සදහම් යාත්‍රා ධර්ම දේශකයාණන් වූ අතර ධර්ම දේශණය ශ්‍රවණය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය.

සදහම් යාත්‍රා ධර්ම දේශනය වැඩසටහන ශ්‍රවණය කිරීමට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, මහින්ද සමරසිංහ, චම්පික රණවක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ද ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද එක්ව සිටියහ.

01 02 03 04 05 06 07 08


Comments

comments

Leave a Reply

Top