You are here
Home > FEATURE > මාර්ක් සකර්බර්ග්ගෙන් ජීවත්වෙන හැටි

මාර්ක් සකර්බර්ග්ගෙන් ජීවත්වෙන හැටි


මාර්ක් ජීවිතය ගතකරන හැටි ගැන පසුගිය දවසක එලි කරා.මේ එයින් ටිකක්.

කියවනවා
කියවන එකේ ප්‍රභේද දෙකක් තියෙන්වා.විකාර කියවන එකයි පොත්පත් කියවන එකයි.මම කරන්නෙ දෙවැනි එක.කාර් එකේ යද්දී,තේ බොන වෙලාවට,නිදාගන්න කලින් මම පොත් කියවනවා.හැබැයි ඒ වෙලාවට ලෝකයෙන් බාගයක්ම ෆේස්බුක් යනවා.

පවුලේ අය එක්ක

ඒක මාරයි.පවුලේ අය එක්ක කාලය ගත කරන එකෙන් හිනා වෙන්න පුළුවන්.තරහා වෙන්න පුළුවන්,රන්ඩු වෙන්න පුළුවන්,ඒ ඔක්කොම FB එකෙනුත් පුළුවන්.ඒවුනාට ඒ අයගේ මූන පේන්නෙ නෑනෙ.රණ්ඩු වෙන එකත් මූණට මූණ තමයි කරන්න ඕන.

ව්‍යායාම

ජිම් එකකට ගිහින් හොඳ මියුසික් එකක් දාගත්තම හොඳ මෙන්ටලි එක්සසයිස් එකක් වෙනවා.‍ෆිසිකලිත් හොඳයි.විනාඩි 20ක් හොඳටම ඇති.හැබැයි ඒ අතරෙත් ගොඩක් අය FB එකේ.වැ‍රැද්ද නම් මගෙ නෙමෙයි.

හොඳට කනව
කෑම කන්න පැය භාගයක් පැයක් විතර ගත කරන එක මගෙ පුරුද්දක්.ඒ අතරෙ අමි හිනා වෙනවා.කතා කියනවා,පරන දේවල් ඇදගන්නවා,හරිම විනෝදයි.ලෝකෙන් භාගයක්ම කෑම කන්නෙත් ඒව දිහා බලන්නෙත් නැතිව ෆෝන් එක දීහා බලාගෙන චැට් කරන ගමන්.

ඇවිදින්න යනවා
ෆේස්බුක් මගෙ වුනාට මම අයිති මේ ස්වභාවධර්මයට.නැතිව ෆේස්බුක් එකට නෙමෙයි.විවේක වෙලාවට මම ඇවිදින්න යනවා.කොළපාට ගස්වැල්,සත්තු,නිල්පාට ඇල දොල මාරයි.Facebook හැරුනම එහෙම දේවල් තියෙන්ව කියල ගොඩක් අයට හිතෙන්නේ නෑ.

තනියෙම ඉන්න

පැයක් දෙකක් තනියම ඉඳලා බලන්න.friend list එකේ කොච්චර හිටියත් වැඩක් නෑ හිතට සතුටක් නැත්නම්.phone එකත් off කරලා කාටවත් පේන්නෙ නැතිව ඉඳල බලන්න හිතට දැනෙන සතුට.

නිදා ගන්නවා

වේලාසන නිදාගෙන වේලාසන නැඟිටින එක මාරම දෙයක්.මහ රෑට ෆේස්බුක් එකේ නිදි මරන අය ගැන මට නම් කරන්න දෙයක් නෑ.

10-books-every-new-manager-should-read 640_mark_zuckerberg_facebook download-3 download-4 hqdefault-1 mark-and-max


Comments

comments

Loading...

Leave a Reply

Top