You are here
Home > LATEST NEWS > නව ව්‍යවස්ථාවට එදා එරෙහිවූ එජාප ය වරද පිළිගැනීම යහපත් !

නව ව්‍යවස්ථාවට එදා එරෙහිවූ එජාප ය වරද පිළිගැනීම යහපත් !


මීට වසර විස්සකට පමණ ඉහතදී තමන් විසින් ගෙන ඒමට උත්සහ කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම යළි ගෙන ඒමට උත්සාහ කරන බවත්, එකල තමා පැවසූ දේ අගමැතිවරයා වර්තමානයේ ප්‍රකාශ කරන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

හිටපු ජනාධිපතිනිය මේ බව පවසා සිටියේ ඊයේ(10) ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

පසුගිය වසර විස්සක් පුරාවටම සිදුවූයේ රට විනාශයට පත්වීම බවත්, එකල නව ව්‍යවස්ථාවට සහයෝගය නොදීමෙන් වරදක් කළ බවට එක්සත් ජාතික පක්ෂයේ බොහෝමයක් මේවන විට පිළිගෙන තිබෙන බවද සඳහන් කරන හිටපු ජනපතිනිය, පමා වී හෝ එක්සත් ජාතික පක්ෂය වරද පිළිගැනීම යහපත් දෙයක් බවද සඳහන් කරයි.


Comments

comments

Loading...

Leave a Reply

Top