You are here
Home > LATEST NEWS > ට්‍රම්ප් පවුලේ කෙරුවාව ගැන ඔබ නොදත් දේ(reporter special)

ට්‍රම්ප් පවුලේ කෙරුවාව ගැන ඔබ නොදත් දේ(reporter special)


trumpfamily-603130

බැරන් ට්‍රම්ප්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්මන් විවාහක බිරිය මෙලනියාට දාව උපන් එකම දරුවා බෑරන් ට්‍රම්ප්.බොහෝ විට ප්‍රසිද්ධියේ පෙනී නොසිටි දස හැවරිදි බැරන් සිය පියාගේ මැතිවරණ ප්‍රචාරණයේ පෙනී සිටියේ ඉතා අඩු වශයෙන්.පියා සමඟ ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදීමට ඉතා කැමැත්තක් දක්වන ඔහු,මවගේ මව් භාෂාව වන ස්ලෝවේනියානු භාෂාව මැනවින් කතා කිරීමට හැකියාව පවතී.

gettyimages-4610302141

ලාරා යුනස්කා

අසුන් පැදීමේ මහත් උනන්දුවක් දක්වන ඇය එරික් ට්‍රම්ප් හා විවාහ වූයේ 2014 දීය.ඇය හිටපු රූපවාහිණි නිෂ්පාදිකාවකි.එමෙන්ම සත්ව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිණියකි.දරුවන් නොමැත.

lara-yunaska-trump-10

කායි ට්‍රම්ප්

ඩොලඩ් ට්‍රම්ප් ජූනියර් සහ වැනීසාගේ දෙ‍ටු දියණිය

trump-z100-s-2011-jingle-ball-01

මෙලනියා ට්‍රම්ප්

හිටපු නිරූපන ශිල්පිණියක වන මෙලනියාගේ උපන් රට ස්ලෝවේනියාවයි.ඩොනල්ඩ් ටෘම්ප් හා විවාහ දිවියට ඇතුලත් වූයේ 2005 වසරේදීය.ට්‍රම්ප් හා කාන්තාවන් අලලා සිදු කරන ලද අසැබි වීඩියෝවක් මැතිවරණ කාලයේ පලවූ අතර ඇය එය වෙනුවෙන් පෙනී සිටියාය.

melaniatrump_010616douglasfriedman

ටිෆනි ට්‍රම්ප්
ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දෙවෙනි විවාහයේ බිරිය වූ හිටපු නිළියක හා රූපවාහිණී ශිල්පිනියක වන මාලා මාපල්ස්ට දාව උපන් ටීෆනී සිය මන මෝහනීය ජීවන රටාව පිළිබඳ නිතරම ඡායාරූප පලකරයි.

2eaf73e500000578-3328961-image-m-57_1448167927449

ඉවන්කා ට්‍රම්ප්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දරුවන් අතරෙන් වඩාත් අඩධානයට දිනාගත් දරුවා ඉවන්කාය.ඇය ට්‍රම්ප්ගේ පලමු බිරියගේ එකම දියණියයි.ඉවන්කා ට්‍රම්ප් ව්‍යාපාරයේ උපසභාපතිය.2009 ජැරඩ් හා විවාහ වූ ඇය යුදෙව් ආගාම් වැලඳ ගත්තාය.දරුවන් 3නෙකුගේ මවක් වන ඇය කාන්තා ක්‍රියාකාරිනියකි.

mv5bmji1nja3nty3nf5bml5banbnxkftztcwmzeymdyzmw-_v1_uy317_cr70214317_al_

වැනීසා ට්‍රම්ප්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සමඟ 2005 වසරේදී විවාහ විය.දරුවන් පස් දෙනෙකි.ළමා වියේදීම නිරූපණ ක්ෂේත්‍රයට ඇතුල් වූ ඇය හා ලියනාඩෝ ඩි කැප්‍රි අතර පෙම් සබඳතාවක් තිබූ බවද කියැවේ.

vanessa-haydon-trump-14

ජැරඩ් කුෂ්නර්

ඉවන්කා ටෘම්ප්ගේ ස්වාමිපුරුෂයායි.ඔහු නිව්යෝක් හී ප්‍රසිද්ධ දේපල වෙළඳාම් ව්‍යාපාරිකයෙකුගේ පුතෙකි.ඔහු නිව්යෝර්ක් ඔබ්සවර් පුවත්පතේ හිමිකරුය.

images

ඩොනල්ඩ් ටෘම්ප් ජූනියර්

ට්‍රම්ප් සහ පලමු බිරිය ඉවානාගේ දෙ‍ටුපුත් ඩොනල්ඩ් ටෘම්ප් ජූනියර් ට්‍රම්ප් ව්‍යාපාරයේ විධායක උප සභාපති වරයාය.ඔහු සහ ඔහුගේ බිරිය වැනීසා පලමු වරට හමුවුනේ ඔහුගේ පියාගේ විවාහ උත්සවයකදීය.
ඔහු මරාදැමූ කිඹුලෙකු සමඟ ඡායාරූප පිටවීමත් සමඟ සත්ත්ව දඩයම සම්බන්ධයෙන් දක්වන රුචිකත්වය විවේචනයට ලක් විය.

mv5bmtmxmte3mzmynf5bml5banbnxkftztcwotkymzizmw-_v1_ux214_cr00214317_al_

 

එරික් ට්‍රම්ප්

ට්‍රම්ප් සහ ඔහුගේ පළමු විවාහක බිරිය ඉවානාගේ තෙවැනි දරුවා එරික්.සිය සහෝදර සහෝදරියන් මෙන්ම ඔහුද ට්‍රම්ප් සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපති වරයෙක් වනවා.ට්‍රම්ප් වයින් සමාගමේ හා විදෙස් රටවල ගොල්ෆ් සමාජ වල හිමිකාරීත්වයද දරනවා.මාරාන්තික රෝග හා සටන් කරන දරුවන් වෙනුවෙන් රෝහලක්ද ඉදිකිරීමට ඔහු පොරොන්දු වී තිබෙනවා.පියාට ඡන්ද්ය ප්‍රකාශ කිරීම කරන විට ඔහු ඡන්ද පත්‍රිකාවේ පින්තූරයක් ට්විටර් ගිණුමේ පළ කිරීම සම්බන්ධවද ඔහුට චෝදනා එල්ල වුනා.

101615_ff_erictrump_1280


Comments

comments

Leave a Reply

Top