227
You are here
Home > LATEST NEWS > ඒකාබද්ධයේ ප්‍රබලයෙක් ඇමති ධුරයක් සමඟ ආණ්ඩුවට ! 

ඒකාබද්ධයේ ප්‍රබලයෙක් ඇමති ධුරයක් සමඟ ආණ්ඩුවට ! 


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනුව වාර්තා වේ. එමෙන්ම මෙම එක්වීමත් සමඟ කැබිනට් ඇමති ධුරයක් හෝ නියෝජ්‍ය ඇමති ධුරයක් හිමිවීමට නියමිත බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වුවද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද ඊයේ(09) අදහස් පළකොට තිබේ.

එලෙස ආණ්ඩුවට එක්වීමට නියමිත ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කැබිනට් ඇමති ධූර නැතත්, නියෝජ්‍ය ඇමති ධූර ලබාගෙන මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමග වැඩ කිරීමට කැමැත්ත පළ කර ඇති බවද පවසා ඇති මයන්ත දිසානායක මහතා, යහපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙළ හා සිදුකරනු ලබන ව්‍යපෘති පිළිනොගෙන ආණ්ඩුවේ සිට ඒවා විවේචනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉල්ලා අස්විය යුතු බවද සඳහන්කොට තිබේ.


Comments

comments

Leave a Reply

Top