62
You are here
Home > LATEST NEWS > අද රාත්‍රියේ සිට භූමිතෙල් මිල අඩු කෙරේ.

අද රාත්‍රියේ සිට භූමිතෙල් මිල අඩු කෙරේ.


අයවැයෙන් යෝජනා කළ පරිදි භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් පහකින් අඩු කෙරෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අදාළ අයවැය යෝජනාව මෙතෙක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති මගින් පසුගිය සෙනසුරාදා අනාවරණ කළ අතර, එහිදී  ඛනිජ තෙල් කර්මාන්ත සහ පෙට්‍රෝලියම් වායු අමාත්‍ය  චන්දිම වීරක්කොඩි පැවසුවේ මෙතෙක් ඊට අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශයෙන් ලැබී නොමැති බවයි.

ඒ අනුව දැනට රුපියල් 49 ක් වන භූමිතෙල් ලීටරයක මිල රුපියල් 44 දක්වා අඩු කරන ලෙස මුදල් අමාත්‍යාංශය අද ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම්දී තිබෙනවා.


Comments

comments

Leave a Reply

Top