107
You are here
Home > LATEST NEWS > හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශන සංග්‍රහය සහ ඇගයීම් ක්‍රමවේදය එළිදැක්වේ …(Video)

හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශන සංග්‍රහය සහ ඇගයීම් ක්‍රමවේදය එළිදැක්වේ …(Video)


2017 වසරේ සිට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හරිතකරණයට ලක්කිරීමේ පළමු අදියර ලෙස රාජ්‍ය අංශයේ ආයතනයන්හි ගොඩනැගිලි පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි ලෙස පවත්වාගෙන යාම සදහා හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශන සංග්‍රහය සහ ඇගයීම් ක්‍රමවේදය එළිදැක්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එම ප්‍රකාශය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ඊට අදාළ නිල වෙබ් අඩවිය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

අමාත්‍යවරුන්වන පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන මහත්වරුන් ද ඉදිකිරිම් ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

02 03 04 05 07 08


Comments

comments

Leave a Reply

Top