You are here
Home > DEVELOPMENT > සියළු රාජ්‍ය ආයතනවලට සූර්ය බලශක්තිය !

සියළු රාජ්‍ය ආයතනවලට සූර්ය බලශක්තිය !


ශ්‍රී ලංකාව හරිත බලශක්තියට පරිවර්තනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ අද(09) දින සිට ආරම්භ කෙරේ. මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ සියලු රාජ්‍ය ආයතන සූර්ය බලශක්තියට පරිවර්තනය කරන අතර එහි පළමුවැන්න අද මුදල් අමාත්‍යාංශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඉදිරි වසර දෙකක කාලය තුළ රජයේ සියලු ගොඩනැගිලි සූර්ය බලය වැනි හරිත බලශක්ති ප්‍රභවයන්ට පරිවර්තන කිරීම රජයේ අරමුණ වී තිබෙන අතර ඒ සඳහා ආරම්භක පියවර ලෙස මෙවර අයවැය මගින් රුපියල් මිලියන 350 ක මුදලක් වෙන් කර ඇති බවද වාර්තා වේ.


Comments

comments

Loading...

Leave a Reply

Top