628
You are here
Home > LATEST NEWS > මාර්ක් සකර්බර්ග් දේශපාලනයට !

මාර්ක් සකර්බර්ග් දේශපාලනයට !


2020 වර්ෂයේ දී මාර්ක් සකර්බර්ග් දේශපාලනයට පිවිසෙන බවට මේ වන විට නිල නොලත් ආරංචි මාර්ග පවසනවා.

2017 වසරේ දී අමෙරිකාවේ ප්‍රාන්ත 30ක් හරහා ගමන් කර ජනතාවගේ අදහස් දැනගැනීමට තමා සැලසුම් කර ඇති බව ඔහු වැඩි දුරටත් පැවසුවා.
සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් සඳහා තරග කරන්නෙකු මෙලෙස ජනතාවගේ අදහස් දැනගැනීමට අවශ්‍ය බව විශ්ලේශකයෝ පෙන්වා දෙනවා.

ඒ නිසා ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් නොබෝ කලකින් දේශපාලනයට එක්විය හැකි බවට විවිධ පුද්ගලයන් මත පළ කර තිබෙනවා.

තවත් ආන්දෝලනාත්මක කාරණයක් වන්නේ සකර්බර්ග් විසින් තමන් දේශපාලනයට සම්බන්ධවීමේ සම්භාවිතාව කෙසේද යන්න පිළිබඳව ඔහුගේ සංගමයේ සාමාජිකයන් හා එක්ව සාකච්ඡා කර තිබීමයි.

capture


Comments

comments

Leave a Reply

Top