743
You are here
Home > LATEST NEWS > චීනයේ බීජිං අගනුවර විෂ දුමාරයෙන් වැසේ..(Video)

චීනයේ බීජිං අගනුවර විෂ දුමාරයෙන් වැසේ..(Video)


ලෝකයේ වායු දුෂණය වැඩිම රට චීනය බව පරිසරවේදීන් පවසනවා.චීනයේ බීජිං අගනුවර මේ වන විට විෂ වායුවෙන් වැසී ඇති නිසා හැකිතාක් එලිමහනේ සිටීමෙන් වළකින ලෙස බීජිං වැසියන්ට චීන බලධාරීන් ප්‍රථම වතාවට රතු නිවේදනයක්ද නිකුත් කලා.බීජිං අගනුවර වටා ඇති නගර 20 කට මෙම රතු නිවේදනය වලංගු වනවා.

එලිමහනේ ගතකරන විට මුඛ ආවරණ පැළඳ සිටින ලෙසට රජය තරයේ අවවාද කර තිබෙනවා.අධික දුමාරය හේතුවෙන් උතුරුදිග චීනයේ ඇතැම් ගුවන් ගමන් අවලංගු කිරීමට සිදුවුණා.
චීනයේ විදුලි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රතිශතයක් ලබා ගන්නේ ගල් අඟුරු භාවිතයෙන්,එම නිසා වායු දුෂණය වැඩි වන බැවින් ගල් අඟුරු භාවිතය අවම කරන ලෙස ජනතාව රජයෙන් ඉල්ලීමක් කරනවා.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා චීන පොලිසිය මගින් විශේෂ පාරිසරික පොලිස් ඒකකයක් ස්ථාපිත කල අතර එමගින් අහිතකර හා අනාරක්ෂිත අන්දමින් දුම් පිටකරනඅය අත්අඩංගුවට හැකි බව චීන රජය ප්‍රකාශ කරනවා.


Comments

comments

Leave a Reply

Top