You are here
Home > LATEST NEWS > චමල් රාජපක්ෂට ආණ්ඩුවේ ඉහළ තනතුරක් !

චමල් රාජපක්ෂට ආණ්ඩුවේ ඉහළ තනතුරක් !


හම්බන්තොට දිස්ත්‍රික්කයේ යෝජිත ආයෝජන කලාපයට අවශ්‍ය ඉඩම් ලබාගැනීම පිළිබඳ සොයා බැලීමේ කටයුතු අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය සාගල රත්නායක මහතාට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ මහතා වෙත පවරා තිබේ.

මෙම ව්‍යාපෘතියට යොදා ගැනෙන ඉඩම් චීනයට ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ මහතා පවසන්නේ,

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍යකරන ඉඩම් පහසුකම් සොයා සොයාදීමට තමන්ට වගකීමක් පැවරුණ බවත්, ජනතාවට අසාධාරණයක් සිදු නොවන අයුරින් එම කටයුතු සඳහා තමන් උදව් කරන බවයි. හම්බන්තොටට කර්මාන්තශාලා පැමිණිය යුතු බවත්, හම්බන්තොට සංවර්ධනය විය යුතු හෙයින් ඒ සඳහා තමන්ගේ විරෝධයක් නොමැති බවයි.

එහෙත්, ඉඩම් සොයා ගැනීම ගැටළුවක් නොවුණ ද අත්සන් කරන ගිවිසුම සම්බන්ධයෙන් ගැටළු පවතින බවත්, වරාය අධිකාරිය සතු බලතල වෙනත් පාර්ශ්වයකට පැවරීම සම්බන්ධයෙන් වන ගැටළුව පිළිබඳව සොයා බලමින් සිටින බවත් චමල් රාජපක්ෂ මහතා පවසයි.

කෙසේ වෙතත් මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාට ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉහළ තනතුරක් හිමිවීමේ ඉඩක් පවතින බව ද ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග අනුව වාර්තා වේ.


Comments

comments

Leave a Reply

Top