1931
You are here
Home > LATEST NEWS > අඩෝ, ඝානාවේ නව ජනපතිවරයා ලෙස දිව්රුම් දෙයි !

අඩෝ, ඝානාවේ නව ජනපතිවරයා ලෙස දිව්රුම් දෙයි !


ඝානාවේ නව ජනාධිපතිවරයා ලෙස එරට හිටපු මානව හිමිකම් නීතිවේදි අකුෆෝ අඩෝ, අප්‍රිකානු රාජ්‍ය නායකයන් ඉදිරියේ දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිදුකළ පළමු කථාවේදී අදහස් දැක්වූ අකුෆෝ අඩෝ, සිය පූර්වගාමියා වූ ‘ජෝන් ද්‍රමානි මහමා’ පැසසුමට ලක් කළ අතර පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ද්‍රමානි මහමා, ඉතා ගෞරවාන්විතව ඔහුගේ පරාජය පිළිගත් බව සඳහන් කොට තිබේ.

බොහෝ අප්‍රිකානු නායකයන් සිය පදවිය අත්හැරීමට පසුබට වන අවස්ථාවක, ඝානාවේ බල හුවමාරුව ඉතා සාර්ථකව සිදු වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

හැත්තෑ දෙවැනි වියේ පසුවෙන අකුෆෝ අඩෝගේ පදවිප්‍රාප්ති උත්සවය ‘අක්‍රා’ අගනුවර නිදහස් චතුරස්‍රයේ පැවති අතර, සම්භාවනීය අමුත්තන් දහස් ගණනක් එම අවස්ථාවට සහභාගි වී තිබේ. රටේ නිදහස් අධ්‍යාපනය සහතික කිරීම සඳහා කැපවී කටයුතු කරන බවට එහිදී නව ජනාධිපති අකුෆෝ අඩෝ පොරොන්දු වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබේ.


Comments

comments

Leave a Reply

Top