660
You are here
Home > LATEST NEWS > මහේන්ද්‍ර සිං දෝනි සමුදෙයි

මහේන්ද්‍ර සිං දෝනි සමුදෙයි


මහේන්ද්‍ර සිං දෝනි සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායකතත්වයෙන් ඉල්ලා අස්වූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නිවේදනය කරයි.

එහෙත් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ජනවාරි මස 15 වෙනිදින ආරම්භ කෙරෙන තරඟ තුනකින් සමන්විත එක්දින සහ ‘විස්සයි විස්ස’ තරඟාවලියට ඔහු සහභාගී වීමේ ඉඩකඩක් පවතින බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.

මේවනවිට තිස්පස් වන වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝනි 2007 වසරේ සැප්තැම්බර් මාසයේ පටන් ඉන්දියානු ජාතික කණ්ඩායමේ සහ සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායකයා හැටියට මෙන්ම කඩුළු රකින්නා හැටියට ක්‍රීඩාකළේය.

ඉන්දියාව 2007 සහ 2011 වසරවල ලෝක ක්‍රිකට් ශූරතාවය , 2011 විස්සයි විස්ස ලෝක ශූරතාව සහ 2013 චැම්පියන් ශූරතාව දිනාගත්තේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙනි.

මහේන්ද්‍ර සිං දෝනි අවධියේ ඉන්දියාව ක්‍රිකට් ලෝකයේ නව දිශානතීන් ස්පර්ශ කළ අතර ඔහු ලද ජයග්‍රහණ ඉන්දීය ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන අකුරින් ලියැවී ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) කියාසිටියි.


Comments

comments

Leave a Reply

Top