556
You are here
Home > LATEST NEWS > සීයට 146යි

සීයට 146යි


තමන්ට වයස අවුරුදු 146ක් බව පවසන ඉන්දුනීසියානු ජාතිකයකු ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නිල වශයෙන් නම් කරන්නැයි ඉල්ලීමක් කර තිඛෙනවා. මාබ් ගෝතෝ ලෙස හදුන්වන මෙම තැනැත්තාගේ 146 වන ජන්ම දිනයද පසුගියදා සමරනු ලැබුවා. ඔහු වෙනුවෙන් ඉන්දුනීසියානු රජය නිකුත් කර ඇති නිල හැදුනුම්පතේ ජන්ම දිනය ලෙස සැලකෙන්නේ 1870 වසරේ දෙසැම්බර් 31 යන්නයි. එහෙත් ඔහු මෙතෙක් ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස නම් කරන්නැයි ඉල්ලීමක් කර තිබුණේ නැහැ. ගිනස් කමිටුව විසින් මෙම පුද්ගලයා ලොව වයස්ගතම තැනැත්තා ලෙස පිළිගතහොත් මෑත දී ලෝකයේ වැඩිම කලක් ජීවත්වූ තැනැත්තා ලෙසද ඔහු වාර්තා අතරට එක්වනු ඇති.
ඊයේ දිනයේදී මාබ් ගෝතෝ සිය 146 වන ජන්ම දිනය සමරනු ලැබුවේ සිය වැඩිමල් මුණුපුරාගේ පවුලේ සාමාජිකයින් සමගයි. ඔහුගේ සියලු සොහොයුරන් / සියලු දරුවන් හා බිරින්දෑවරුන් 5 දෙනකු අතරින් කිසිවකු මේ වන විට ජීවතුන් අතර පසුවන්නේ නැහැ.
ඔහුගේ අවසන් බිරිද 1988 වසරේදී මිය ගොස් තිබුණා. ඒ මීට වසර 28 කට පෙරයි.


17b345c2-3d0c-4860-a8f8-1549a33fc645

37a05c3100000578-0-image-a-51_1472306947594

cc2bce4e-eb64-46d4-b439-b5d5a844e01a

da7802a6-635a-4e41-a38c-03f025512ba8


Comments

comments

Leave a Reply

Top