You are here
Home > LATEST NEWS > 96 ලෝක ශුර කණ්ඩායම ක්‍රීඩකයන් රැකගැනීමට පෙරට

96 ලෝක ශුර කණ්ඩායම ක්‍රීඩකයන් රැකගැනීමට පෙරට


1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය එක්ව පැරැණි ක්‍රීඩකයන් රැකගැනීම උදෙසා අරමුදලක් පිහිටුවීමට කටයුතු කර තිබේ.

96 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංකල්පයක් අනුව මෙය ක්‍රියාත්මක වන අතර, මින් පැරැණි ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය හා වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව මුදල් පිරිනැමීමට සිදුවේ.

මෙම අරමුදලේ මුල්ම ප්‍රතිලාභීන් ලෙස ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් ලෙස කටයුතු කළ ඒ.ජේ. සමරසේකර හා රසල් හාමර්ට පිළිවෙළින් රුපියල් ලක්ෂ 02 ක් හා රුපියල් ලක්ෂ දෙකහමාරක් පිරිනැමීම ඊයේ (03දා) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මීට 96 ලෝක කුසලානය දිනූ ක්‍රිකට් ක්‍රීඩකයන් බහුතරයක් හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ නිලධාරීහු එක්ව සිටියහ.


Comments

comments

Loading...

Leave a Reply

Top