You are here
Home > LATEST NEWS > හාන්ස් සමුගනී – ඩයලොග් මුල් පුටුව සුපුන්ට

හාන්ස් සමුගනී – ඩයලොග් මුල් පුටුව සුපුන්ට


ඩයලොග් ආසියාටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක ධූරය සඳහා සුපුන් වීරසිංහ මහතා පත් කර තිබේ.

ඒ අනුව 2017 ජනවාරි 01 වැනි දින සිට මෙම පත්වීම් ලැබ තිබේ.

ඩයලොග් ආසියාටා පීඑල්සී හි සමූහයේ ප්‍රධාන විධායකවරයා වූ ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා එම තනතුරට සමුදීම හේතුවෙන් මෙම නව පත් කිරීම සිදු කර ඇත.

මේ අතර ඩයලොග් ආසියාටා සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා තවදුරටත් කටයුතු කරන අතර දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින් සමූහයේ ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, නේපාලය හා ශ්‍රී ලංකාව යන රටවල ආයෝජන තීන්දු තීරණ සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇත.

වසර 1999 වසරේදී ඩයලොග් ආසියාටා සමාගම හා එක්වූ සුපුන් වීරසිංහ මහතා 2010 වසරේදී එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.

වසර 2014 වසරේදී ඔහු බංගලාදේශයේ රෝබි ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද පත්කරනු ලැබිණි.


Comments

comments

Loading...

Leave a Reply

Top